Lanka Fashion

No 01 Online Fashion Magazine

“මන් රඟපාද්දී මගේ බිරිඳ අරුණි පාසල් යන පුංචි කෙල්ලක්.” හර්ෂණ ආදරණිය බිරිඳ ගැන කියූ කතාව.

හර්ෂණ බෙත්මගේ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ඒ වගේම කඩවසම් රංගන ශිල්පියෙක්. ප්‍රේක්ෂක සිත් ඇද බැඳ ගත් ටෙලි නාට්‍ය ගනනාවකින්ම ඔහු අපේ ආලින්දයට පැමිණියා.නමුත් කලකින් අපිට ඔහුව නිර්මාණ තුලින් දැකගන්න ලැබුනේ නැහැ. ඔහු විවාහ වී සිටියේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.දීර්ඝ කාලින ආදරයකින් පසු විවාහ වුනත් පසු කාලීනව ඔවුන් දෙදෙනාගේම නොගැලපීම් හේතුවෙන් මේ දෙදෙනා දික්කසාද වුනා. කොහොම වුනත් මේ වනවිට විවාහ වෙලා ඉන්න ඔහු සාර්ථක විවාහ ජිවිතයක් ගත කරනවා.

ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදරණිය ජිවිතයේ රසමුසු තැන් ප්‍රේක්ෂකයින් සමඟ බෙදා ගත්තේ මේ විදිහටයි.“අපේ ගෙවල් ගාව පොඩි hospital එකක් තියෙනවා.ඒ වෙද්දී හොස්පිට්ල් එකේ අපි අපි වගේ ටෙලි ඩ්‍රාමා එක කරනවා. එතකොට මම ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ඉස්කෝලේ ගිහින් දවල්ට එනකොට ඔය පැත්තේ ඉන්නවා කාවිංග අයියලා හර්ෂණ අයියලා. ඊට පස්සේ මම එතන තිබ්බ gate එකෙන් ඒගොල්ලො රඟපානවා බලාගෙන ඉන්නවා. ඒක හර්ෂණ අයියට කිවුවහම කියනවා අයියෝ මම රඟපාද්දී ඔයා එතකොටත් ඉස්කෝලේ යනවා නේද කියලා.”