Lanka Fashion

No 01 Online Fashion Magazine

“මම කෙනෙක්ට අවුරුදු හයක් ආදරය කළා.ඒ මතකයන් සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕනෙ.” පබසරා මධුෂානි

පබසරා මධුෂානි කියන්නේ විවිධ ටෙලි නාට්‍ය තුලින් අපේ ආලින්දයට එන සුරූපී රංගන ශිල්පිනියක්. ඉතින් ඇය ඇයගේ පුංචි කාලේ ගැන මේ විදිහට පැවසුවා.“පුංචි කාලෙට යන්න මට අවස්ථාවක් ලැබුණොත් මම මගේ ළදරු පාසල් කාලයට යන්න හරි ආසයි. ඒ කාලේ හරි ෂෝක්. ජීවිතේ ගැන කිසිම වගකීමක් නැති, ඉගෙනීම ගැන එතරම් තේරුමක් නැති සුන්දර කාලයක්. අදටත් පාරේ ළදරු පාසල් යන බබාලා දකිද්දි මට ”ඒ කාලේ හරි ෂෝක්” කියලා හිතෙනවා. මට මගේ ළදරු පාසල් ගිය ඒ කාලේ ගැන මතකයේ තියෙනවා. ඉගෙනීමටත් වඩා සෙල්ලමට යොමුවුණු ඒ කාලයට මම හරි ආසයි.”

ඒ වගේම ආදරය ගැනත් ඇය මේ විදිහට පැවසුවා.“මම ගොඩක් ආදරය කරපු කෙනෙක් ඉන්නවා. ඒ ආදරය තුළ කවදාවත් සතුටක් නැතිව තිබුණු කාලයක් තිබුණා. මට අමතක කරන්න අවස්ථාවක් ලැබුණොත් මම සම්පූර්ණයෙන්ම ඒ කාලය අමතක කරලා දානවා. මම කෙනෙක්ට අවුරුදු හයක් ආදරය කළා. අදටත් සමහර තැන්වලදි ඒක මතක් වෙනවා. ඒ මතකයන් සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕනෙ. ඒ අවුරුදු ගණනාවටම ”මා ලද ප්‍රේමයක් නැත. මා කළ ප්‍රේමයක් ඇත.”