Lanka Fashion

No 01 Online Fashion Magazine

“මම නිලියක් වගේම මනෝ චිකිත්සකවරියක්.”ජංගි හොරා චිත්‍රපටයේ කාගෙත් අවධානය දිනාගත් කරුණා

ජංගි හොරා කියන්නේ මේ දිනවල නිතරම් කතාබහට ලක්වන චිත්‍රපටයක්.ඒ වගේම මේ චිත්‍රපටයේ කරුණා කියන චරිතයත් සමාජ ජාල තුල නිතරම කතාබහට ලක්වෙනවා.මේ චරිතය නිරුපනය කරන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වන බුද්ධි රන්දෙනියයි.

මේ දිනවල ඇය පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍ය හරහාද ඇය මේ දිනවල අපේ ආලින්දයට එනවා…කොහොම නමුත් ඇය ජංගි හොරා චිත්‍රපටයේ කරුණාගේ චරිතයට කැමැත්ත ලබා දුන්නේ පිටපත හොඳට කියවලා බවයි පසුගියදා පුවත්පතකට පවසා තිබුනේ.ඇයට මේ චිත්‍රපටය සඳහා ආරාධනා ලැබී තිබෙන්නේ 2015 වර්ෂයේදියි.ඒ වෙද්දි ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිධාරිනියක්. ඉතින් පිටපත කියවද්දි මේක රහක් තියෙන පිටපතක් කියලා ඇයට දැනුණ බවත් රඟපාන්න පුළුවන් තැන් මේ චරිතයේදි ඇයට හසු වුණා කියලත් ඇය පවසා තිබුනා. ඒ වගේම ඇය වෘත්තියෙන් මනෝ චිකිත්සකවරියක් විදිහට වැඩ කරන බවත් ඇය පවසා තිබුනා.

ඉතින් මේ මනෝ විද්‍යාත්මක පසුබිමක් තියෙන නිර්මාණයක් නිසා කැමැත්තෙන්ම මේ අභියෝගය බාරගත්ත බවත් ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක් බාරගන්නවා කියල සිතු බවත් ඇය පවසා තිබුනා.