Lanka Fashion

No 01 Online Fashion Magazine

“මම බලාපොරොත්තු වෙන්නේ මට ආදරේ කරන හොඳින් මාව තේරුම් අරගෙන ආදරයෙන් බලාගන්න පුළුවන් අවංක කෙනෙක්.” කාවින්දයා දුල්ෂානි.

කාවින්දයා දුල්ෂානි කියන්නේ මේ දිනවල ඉතාමත්ම ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්.ඇය මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසකින්ම අපේ ආලින්දයට එනවා.තවමත් නවක නිලියක් වන ඇය රංගනයට පිවිසෙන්නේ 2015 වසරේ ITN අවුරුදු කුමරිය තරඟයේ අවසන් 12දෙනා අතරට තේරීපත් වීමත් සමඟයි.ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා. “2015 ‘ස්වාධීන රූපවාහිනි’යේ අවුරුදු කුමරිය තරගයට මමත් සම්බන්ධ වුණා. එයින් අවසන් වටයට තේරුණා. ශාන්ත සොයිසා අධ්‍යක්‍ෂණය කළ මෙගා ටෙලිනාට්‍යයට ඒ හරහා නළු නිළියන් තෝරාගත්තා. ඒ හරහා තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන්නේ. පාසල් කාලයේදීවත් මම කලාවට සම්බන්ධ කිසිම වැඩක් කරලා නැහැ. මගේ හිතේ කවදාවත් තිබුණේ නැහැ රංගන ශිල්පිනියක් වීමට. හැබැයි ඉතින් දැන්නම් ආශාවෙන් සම්බන්ධවෙලා වැඩ කරගෙන යනවා.”

ඉතින් ඇයව අපිට නිතරම දකින්න ලැබෙන්නේ අහිංසක ගැමි චරිත තුලින්.ඒ ගැනත් ඇය මේ විදිහට පැවසුවා.“ඇත්තටම මට දඟකාර කෙළිලොල් වගේම ගැමි චරිත කියන දෙවර්ගයම ලැබිලා තියෙනවා. නමුත් වැඩිපුර ලැබෙන්නේ ගැමි චරිත සමහර විට මගේ පෙනුම ඒ ගැමි බවක් ඇති කොහොමත් ප්‍රේක්ෂකයෝ මාව දකින්න ගොඩක්ම කැමති ගැමි චරිත වලින්. ගැමි චරිත කරන්න තමයි මම වැඩිපුර ආස මොකද ඒකේ යම් කිසි දෙයක් කරන්න තියෙනවා. දඟකාර කෙළිලොල් චරිත අපේ ඇත්ත ජීවිතයට ටිකක් සමානයි ඒ තුළ අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑ”ඒ වගේම ඇය විවාහය ගැන පැවසුවේ මේ වගේ දෙයක්.“ඒක තවම සැලසුම් කරල නෑ මොකද මගේ ජීවිතයට තාම සුදුසු කෙනෙක් ඇවිල්ලා නෑ.ඒ ආපු දවසට මෙයා තමයි හරි කෙනා කියලා දැනුණු දවසට ඒ දේ සැලසුම් වෙයි. මම බලාපොරොත්තු වෙන්නේ මට ආදරේ කරන හොඳින් මාව තේරුම් අරගෙන ආදරයෙන් බලාගන්න පුළුවන් අවංක කෙනෙක්”