Lanka Fashion

No 01 Online Fashion Magazine

“මම මාර විදිහට shock වුණා.එහෙම දෙයක් වෙන්න කොහොමත් බැහැ.” ෂෙහානි කහඳවල

මේ දිනවල ඉතාමත්ම ජනප්‍රිය හරිම හුරුබුහුටි පෙනුමක් තියෙන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ. ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2015 වර්ෂයේදියි.ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.“මං කලාවට පිවිසුණේ 2013දී. මුලින් ම දෙරණ නාළිකාවේ නිවේදන කටයුතු වසරක පමණ කාලයක් සිදු කළා. 2015 දී දෙරණ නාළිකාවෙන් ම චාමර ජනරාජ් පීරිස්ගේ ඇසිඩ් නාට්‍යයට මට ආරාධනා ලැබුණා.ඇසිඩ් නාට්‍යයට සම්බන්ධ වීමෙන් පසුව සිරස නාළිකාවේ සුජාතා නාට්‍යයට සම්බන්ධ වුණා.”


ඒ වගේම පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වූ පාර වසා ඇත ටෙලි නාට්‍යයෙන් විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගැනීමට ඇය සමත් වුණා. කොහොම වුනත් පසුගිය කාලයේ ඇයගේ නිරුවත් චායාරූපයක් සමාජ ජාල තුල පැතිර යාම නිසා අපහසුතාවයට පත්වුණා. ඉතින් ඒ ගැන ඇය යුටියුබ් සම්මුඛ සාකච්චාවකට මෙලෙස පවසා තිබුණා.
“ඇත්තටම ඒක දැක්කහම මම මාර විදිහට shock වුණා. මම දන්නවා ඒ මම නෙවෙයි කියලා. එහෙම දෙයක් වෙන්න කොහොමත් බැහැ. අඩුම තරමේ මම උඩුකය නිරාවරණය වෙච්ච selfi එකක්වත් අරන් නැහැ. Lawyrsලා Call කරලා මට කිව්වා මේකට ඇක්ෂන් එකක් ගන්න කියලා.ඒත් මම එහෙම කළේ නැහැ මොකද මේ මම නෙවෙයි. බලද්දි ඇත්තටම එයා Sri Lankan Girl කෙනෙකුත් නෙමෙයි එයා ඉන්දියාවේ Tamil girl කෙනෙක්. මට කෝල් කරපු අයටත් මං කීවා වද වෙන්න එපා ඒ මම නෙවෙයි කියලා. එකේ හරියට තිබ්බෙත් තැලිච්ච ගස් ලබු ගෙඩි දෙකක් වගේ දෙයක්. ඇත්තටම මම ගිහින් බැලුවා මේ මමමද කියලා”