Lanka Fashion

No 01 Online Fashion Magazine

“මම මැරුණත් මගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ කියන එකත් මතක තියාගන්න ඔයලා හැමෝම.” දිනේෂ් තරංග කියූ සර කතාව.

මෑත කාලයේ රසිකයන් ආදරයෙන් වැළඳගත් වෙනස්ම ගීත ගායනා කරමින් අතිශයින්ම ජනප්‍රිය වූ දක්ෂ ගායකයෙක් තමයි දිනේෂ් තරංග. ඉතින් ම්මේ වෙද්දී විවාහ වෙලා ආදරණිය බිරිඳත් දරුවනුත් සමඟ සතුටින් කාලය ගතකරන ඔහු ගැන සමාජ ජාල තුල නිරන්තරයෙන් කතා බහට ලක්වෙනවා.ඒ ඔහුගේ බිරිඳ ඔහුට වඩා වැඩිමහල් වීම ගැනත් ඇයගේ රුපය ගැතත්.ඇය කලින් දික්කසාද වූ යුවතියක් වීම ගැනත්ය. ඉතින් මේ කිසිම දෙයක් ගණනකටවත් නොගන්න ඔවුන් හරිම සතුටින් ජීවිතය ගෙවනවා.

කොහොම වුනත් පසුගිය දිනෙක මේ දෙදෙනා වෙන්වී දිනේෂ් තරංග වෙනත් තරුණියක් විවාහ වූ බවට ලිපි සමාජ ජාල තුල දකින්න ලැබුනා.ඉතින් මේවාට පිළිතුරු වශයෙන් දිනේෂ් මේ වගේ සැර සටහනක් ඔහුගේ facebook ගිණුමේ තබා තිබුනා.“මගේ ගෑණිට මම ආදරේ කරන තරම් මේවා දාන ඔය නෝනලා මහත්තයලා කවුරුවත් දන්නේ නැහැ.. මම මැරුණත් මගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ කියන එකත් මතක තියාගන්න ඔයලා හැමෝම. මේ අමාරු කාලේ Views අරන් හම්බ කරගත්තාට කමක් නෑ, හැබැයි ටිකක් විතර වැදගත් විදියට. මෙයාව දාලා ලොවෙත් මම යන්නෙ නැතෝ…”