Lanka Fashion

No 01 Online Fashion Magazine

“මම හිතන්නේ කලිදු වගේ කොල්ලෙක් ලැබුනේ මගේ වාසනාවට.” මනීෂා පෙම්වතා ගැන ආදරයෙන් කියූ කතාව.

මනිෂා කියන්නේ කාගේත් ආදරය දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක්.ඇය කලා ලොවට පා තබන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරඟවලියේ 12න් පහල ගායන අංශයෙන් හතරවන ස්ථානය දිනා ගැනීමෙන් පසුවයි.කොහොම වුනත් ඇය කියන්නේ ඇයව කලාවට යොමු කලේ ඇයගේ දෙමාපියන් බවයි.ඇය ඒ ගැන පැවසුවේ මෙහෙමයි.

“ “2008 මහනුවර කදුරට fm එකේ ළමා නිවේදිකාවක් විදිහට මම මුලින්ම වැඩ කරනවා. ඊට පස්සේ දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයටද සහභාගි වෙනවා. එහිදි 12 පහළ තරඟයෙන් හතර වන ස්ථානය මට හිමි වෙනවා. ඉතින් ඒ හැමදේම එක්ක මම ගායිකාවක්, රංගන ශිල්පිනියක්, මෙන්ම නිවේදිකාවක් විදිහට මගේ ගමන ආරම්භ කරනවා.”

ඉතින් මේ වනවිට කාගේත් ආදරය දිනාගෙන සිටින ඇය දැන් ආදරණිය පෙම්වතියක්ද වෙනවා.ඇයගේ පෙම්වතා වෙන්නේ දෙරණ නිවේදක කලිදු කරුණාරත්න.ඉතින් ඇයගේ පෙම්වතා ගැන ඇය පැවසුවේ මෙහෙමයි.

“මගේ පෙම්වතා කලිදු කරුණාරත්න. එයා දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයෙක්. මම හිතන්නේ කලිදු වගේ කොල්ලෙක් ලැබුනේ මගේ වාසනාවට. එයා හරිම අව්‍යාජ කෙනෙක්. කිසිම වාසියක් පතා බොරුවක්වත් කියන්නේ නෑ. පොළොවේ පය ගහලා ජිවත් වෙන කෙනෙක් එයා. කිසිම දවසක මගේ ගමනට මට එයාගෙන් බලපෑමක් නෑ. එයා මට මගේ ගමන යන්න උදව් කරනවා. මේ හැමදේම එක්ක තමා මම එයාට කැමති වෙලා අපේ සම්බන්ධය පටන් ගත්තේ. ඉතින් අපිමනා වු තේරුම් ගැනිමක් එක්ක අපේ ගමන යනවා. මම නම් කියන්නේ හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕන කළිඳු වගේ කොල්ලෙක් කියලා”

ඉතින් ඇයට සාර්ථක අනාගතයක් වගේම ප්‍රීතිමත් අනාගතයක් ලැබේවායි සුභ පතමු.