Lanka Fashion

No 01 Online Fashion Magazine

“මාව නිලියක් කරන්න තාත්තට ලොකු හීනයක් තිබුනා.” දසුනි සෙනෙත්මා

යෙනුකි කියන්නේ මේ දිනවල අපේ රටේ ලොකු පොඩි කවුරුත් දන්නා චරිතයක්. ඒ හිරු නාලිකාවේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ යෙනුකිගේ චරිතය නිසයි.මෙම චරිතයට පණපොවන්නේ සුරූපී යොවුන් රංගන ශිල්පිනියක් වන දසුනි සෙනෙත්මායි. ඒ වගේම නීල පබළු සහ මහවිරු පණ්ඩු ටෙලි නාට්‍ය හරහාත් ඇය අපේ ආලින්දයට එනවා. ඉතින් තවමත් වයස අවුරුදු 17ක යොවුන් තරුණියක් වන ඇය රංගනයට පා තැබූ ආකාරය ගැන ඇය මේ විදිහට පැවසුවා.“මාව නිලියක් කරන්න තාත්තට ලොකු හීනයක් තිබුනා. දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 4 සහ ලිට්ල් ස්ටාර් සීසන් 5 තරඟාවලි දෙකෙන්ම අවසාන පස්දෙනාගේ වටයට මම ආවා. තවද මට මුලින්ම ආරාධනා ලැබුනේ සන්ලයිට් වෙළඳ දැන්වීමේ රඟපාන්න.ඇය පුංචි සත්සර, සමනල සිරස, පුංචි කුස්සිය වගේ ළමා වැඩසටහන් වලත් මම හිටියා. ඒ වගේම හිරු සුපර් ඩාන්සර් තරගාවලියටත් සහභාගි වෙලා වෙලා එම තරඟයේ අවසන් 10දෙනා අතරටත් මම ආවා. මගේ පළමු ටෙලිනාට්‍ය තමයි සිද්ධාර්ථ ගෞතම.”

ඉතින් ඇය ඇයගේ පවුලේ විස්තරත් ඇය මේ විදිහට පැවසුවා.“මට අම්මයි, අයියයි, නංගිලා දෙන්නයි ඉන්නේ. මගේ නර්තන දක්ෂතා දැකලා පුංචි කාලේදී මට හොඳට නටන්න පුලුවන් කියලා. අම්මලත් මාව නර්තනය පැත්තට උනන්දු කළා.”