Lanka Fashion

No 01 Online Fashion Magazine

“මේ ක්ෂ්ත්‍රයේ මගේ හැමදේටම මට උදව් කරන්නේ ශලනි.” සචින් ලියනගේ

මේ දිනවල කා අතරත් ජනප්‍රිය යුවලක් තමයි ශලනි-සචින් යුවල.මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා සහ නිර්වාන් කියන්නේ හැමෝම බලාපොරොත්තු වන ආදරයක් කිව්වොත් නිවැරදි.ඉතින් මේ නිර්වාන්ගේ චරිතය නිරුපනය කරන්නේ දක්ෂ කඩවසම් නවක නළුවෙක් වන සචින් ලියනගේ.ඉතින් මේ පැතිරෙන කටකතා ගැන ඔහු පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.


“මේ දවස්වල ‘කියා දෙන්න ආදරේ’ ටෙලි නාට්‍යයේ වගේම තවත් අලූත් නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා. නිර්වන් ගැන කියනවනම් දැනට මාස දෙකක විතර ඉඳන් ටිකක් බැනුම් අහන්න වෙලා තියෙනව මූණ බෙරිකරගෙන එකතැනම ඉන්නව කියල. ඒත් ඒක පිටපතේ තියෙන චරිතයේ ස්වභාවය. මම නිරූපණ ක්‍ෂේත‍්‍රයේ හිටියෙ මාස හයක් විතර වගේ. ඒ කාලෙම මම ඒ ක්‍ෂේත‍්‍රයෙන් ඈත් වුණා.නිරූපන ක්‍ෂේත‍්‍රයට එනකොට මට රඟපාන්න අදහසක් තිබුණෙ නැහැ. නමුත් බොහෝ දෙනෙක් කිව්වා නිරූපණයට සම්බන්ධ වෙලා ඉන්නකොට රඟපාන්න අවස්ථා ඒවි කියල. ඒ කතාත් එක්ක රංගනය ගැන යම්කිසි බලාපොරොත්තුවක් ඇති වුණා.ඉස්සර නම් මාසෙට වෙළෙඳ දැන්වීම් තුනහතරක් කරනව. දැන් නම් තෝරා බේරාගෙන තමයි ඒවා භාරගන්නෙ. මොකද දැන් පොඩි ප‍්‍රසිද්ධියක් තියෙන නිසා ගිවිසුම් වලට හිරවෙන්න බැහැ. එහෙම වුණොත් ගොඩක් වැඩ මගහැරෙනව. රූප රචනාත් එහෙමයි. හොඳ වැඩක් එක්ක හොඳ චරිතයක් ලැබුණොත් තමයි භාර ගන්නෙ.ජනප‍්‍රියත්වය කියන දේ මෙතෙක් කාලෙකට ක්‍ෂේත‍්‍රයට පැමිණි හැම නළුවෙක්ටම නිළියෙක්ටම ලැබුණ දෙයක්. ඒ ජනප‍්‍රියත්වය ඇතිවුණා වගේම නැතිවෙලත් තියෙනව. මගේ මතයක් තියෙනව මම කරන වැඩ ලංකාවේ හිට් එකක් වෙන්න ඕන සහ ඒ කරන චරිතය හොඳට කළා කියන එක අහන්න ලැබෙන්න ඕන. අපේ වචනෙන් කියනව නම් පත්තු වෙන්න ඕන. හැමදාම ජනප‍්‍රිය වෙලා ඉන්න බැහැ වගේම ජනප‍්‍රියත්වයක් නොලැබී තියෙන්නෙත් නැහැ.මම කිසිම වෙලාවක කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒ වගේම සම්මාන උළෙලකිනුත් මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. රංගන ශිල්පියෙක් වුණාම සම්මානයක් ගන්න වැඩකරන එක වෙනම දෙයක්. නමුත් සම්මානයක් ගත්ත කියල ගොඩක් දේවල් වෙනස් වෙන්නෙ නැහැ.යම් කිසි වටිනාකමක් එකතු වෙන්න පුළුවන්. කුසල්ට ඒක ලැබුණ එක ගැන මම පෞද්ගලිකව සතුටු වෙනව. ඔහු හොඳ ජනප‍්‍රියත්වයක් තියෙන නළුවෙක්.මම ජනප‍්‍රියම නළුවාට නිර්දේශ වීමෙන් පසුව මගේ ළඟින් හිටපු සමහර අයත් වෙනස් වෙන්න පටන් අරගෙන. නමුත් මම ඒ ගැන කලකිරෙන්නෙ නැහැ. කලාව හොඳ තැනක්. නමුත් මට නිතරම හිතෙන දෙයක් තමයි තව කෙනෙක් ඉදිරියට එනවට අකමැති ඇයි කියන එක. කලාවේ අනාගතය තියෙන්නෙ නවකයන් අතේ. ඔවුන් කාලයක් යද්දි ප‍්‍රවීණයන් වෙනව. ඒ ප‍්‍රවීණයන් අතරට තව නවකයන් එනව. ඒ නවකයන්ට ප‍්‍රවීණයන් උදව් කරන්න ඕන. නවක නවක අයත් උදව්කරගෙන සමගියෙන් සතුටින් මේ ගමන යන්න ඕන. ඉතින් මේ ක්ෂ්ත්‍රයේ මගේ හැමදේටම මට උදව් කරන්නේ ශලනි.ඉතින් ශලනි කියන්නෙ මට ක්‍ෂේත‍්‍රයේ ඉන්න හොඳම යාළුවා. දවස ගානෙ මුණගැහෙන යාළුවෙක්. මට ක්‍ෂේත‍්‍රය ගැන ගොඩක් දේවල් කියල දෙන්නෙ ඇය. මම ශලනිට කිය කිය හිටියෙ මේ වතාවෙත් ඔයාට මේ සම්මානය ලැබෙන්න ඕන කියල. ඇය ලංකාවේ ඉන්න ජනප‍්‍රියම සහ දක්‍ෂ නිළියක්. ඇයට සම්මානය ලැබීම ගැන ලොකු සතුටක් මට තියෙනව.අපි ගොඩක් වෙලාවට ඉන්නෙ එකට. සතියට දවස් තුනහතරක් මුණගැහෙනව.දර්ශනතල වලදිත් මුණගැහෙනව.අපි අපේ ෆොටෝස් පලකරනව. මේ කාරණා නිසා තමයි අපි පෙම්වතුන් කියලා කතාවක් යන්නෙ. අපි හොඳ යාළුවො.මේ ප‍්‍රශ්නය ගොඩක් දෙනෙක් මගෙන් අහල තියෙනව. ඇය එහෙම යෝජනාවක් කරයි කියල මම හිතන්නෙ නැහැ. අපි අතර තියෙන්නෙ හොඳ යාළුකමක්. එතනින් එහාට ලොකු දෙයක් වෙන එකක් නැහැ.”