Lanka Fashion

No 01 Online Fashion Magazine

“මේ වෙද්දි මට ආදර සම්බන්ධතාවයක් නෑ.”හැමෝගෙම ආදර දිනාගත් සංජානා කියූ කතාව.

සංජානා කියන්නේ මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්.ඇය කලා ලොවට පා තබන්නේ 2019 දෙරණ අවුරුදු කුමරිය තරඟයේ තුන්වන ස්ථානය දිනාගැනීමෙන් පසුවයි.

ඉතින් මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍යය කිහිපයක් ඔස්සේම අපේ ආලින්දයට එනවා.ඒ අතරින් හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලි නට්‍යයේ ටීනාගේ චරිතය අතිශයින්ම ජනප්‍රිය වෙලා තිබෙනවා.දිවිතුරා ටෙලි නාට්‍යයේ ටිනාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන ඇය පසුවේ මෙහෙමයි. “මම මෙච්චර කාලෙකට රඟපාපු වෙනස්ම චරිතයක් තමයි ටිනාකියන්නේ. දඟකාර, විසේකාරචරිතයක් නිසාම ප්‍රේක්ෂකයින්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ ටිනා කියන චරිතය ප්‍රේක්ෂකයින් සතුටු කරන චරිතයක්. මුල්ම කොටස් විකාශය වෙද්දී ටිනා ගැන කවුරුත් කතා කළේ නැහැ. හැබැයි කොටස් හතර පහ විකාශය වෙද්දී ටීනා ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතාම කෙටි කාලයක් තුළ නොහිතපු විදිහට මට ප්‍රතිචාර ලැබෙන්න ගත්තා මේ චරිතයට. ඒ ගැන ගොඩක් සතුටුයි.අද කතාව පුරාවට හැමෝම කතා කරන චරිතයක් වෙන්න මට පුළුවන් වුණා.ටිනා කියන්නේ මගේ සැබෑ ජීවිතයට ටිකක් සමීප චරිතයක්.”

ඉතින් ඇය ගැන වරින් වර නොයෙක් කටකතා පැතිර යනවා. ඒ අතරින් කඩවසම් නළු සංගීත් සතරසිංහ සමඟ සම්බන්ධයක් පවතින බවට පැතිර යන කටකතාව ප්‍රේක්ෂකයින් අතර වැඩි වැඩියෙන් කතාබහට ලක්වෙනවා.ඒ ගැන ඇය අදහස් දැක්වුයේ මෙහමයි.“කටකතා ගියාට මමයි සංගීත් අයියායි අතර කිසිම ප්‍රේම සම්බන්ධයක් නැහැ. අපි දෙන්නා අතරේ තියෙන්නෙ හොඳ යාළුකමක් විතරයි. ටික කාලයකින් ඔය ගොසිප් හදන අයට එතකොට තේරුම් යයි අපි දෙන්න අතරේ තිබුනේ යාළුකමක් විතරයි කියලා.”

ඒ වගේම ඇය විවාහ වෙන්න බලාපොරොත්තු වන කෙනා ගැනත් පවසන්න අමතක කලේ නැහැ.“මම ක්ෂේත්‍රයේ කෙනෙක් එක්කනම් විවාහ වෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් ළඟදි විවාහ වෙන්න බලාපොරොත්තුවකුත් මට නැහැ. මේ වෙද්දි මට ආදර සම්බන්ධතාවයකුත් නෑ. තව ටික කාලයක් තනියම ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මම විවාහ වුන දවසක මගේ ජීවිතයේ අංක එක කරගන්නේ මගේ පවුල් ජීවිතය.”