Lanka Fashion

No 01 Online Fashion Magazine

යොහානිගෙන් පස්සේ ලාංකීය නාමය ජ්‍යාන්තරයට ගෙනගිය පුංචි කෙල්ල ටාශියා.

අහම්බයකින් කලා ලොවට පා තබා කාගෙත් ආදරය දිනාගත් පුංචි වගේම දක්ෂ නවක නිලියක් තමයි ටාශියා කාලිදාස කියන්නේ.ඇයව අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ ITN නාලිකාවේ විකාශනය වූ intrනැණසල් ටෙලි නාට්‍යයෙන්.ඒ වුනත් ප්‍රේක්ෂක ආදරය දිනාගන්නේ වුනේ සිරස නාලිකාවේ විකාශනය වූ දාම් ටෙලිනාටයේ ශෙනායාගේ චරිතය හරහායි.

ඒ වගේම ඇය මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන චලෝ ටෙලිනාට්‍යයෙන් අපේ ආලින්දයට එනවා. ඉතින් කාගෙත් ආදරය දිනාගත් මේ සුරුපිනිය තාමත් පුංචි කෙල්ලක්. ඇය මේ වනවිට 2022 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනි සිටින්න සුදානමින් ඉන්නේ. ඇය ඉගෙනුම ලබන්නේ නුවර ලෙක්ශිකෝන් ජාත්‍යන්තර පාසලෙන්. රංගන ක්‍රේශත්‍රයට පිවිසෙන්න කලින් ඇය ජනප්‍රිය වෙළද දැන්වීම් කිහිපයකටත් රංගනයෙන් දායක වී තිබෙනවා.

ඉතින් මේ පුංචි කෙල්ල මේ වනවිට ජ්‍යාන්තරය ජයගැනීමටත් සමත් වෙලා තිබෙනවා.ඒ පකිස්තානි සිනමා නිර්මානයක ප්‍රධාන චරිතය නිරුපනය කිරීමෙන්.ඉතින් යොහානිගෙන් පස්සේ අපේ රටේ නම ලොවට ගෙනගිය මේ පුංචි තාරකාවට ඇගේ අනාගතය සාර්ථක කරගැනීමට ලැබේවායි සුභ ප්‍රර්ථනා කරමු.