Lanka Fashion

No 01 Online Fashion Magazine

‘ලෝක රූ රැජිණ තරඟය ජයග්‍රහණය කරන්නත් බලාපොරත්තු වෙනවා’ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ සුරුපිනිය ෂාඩේ කියූ කතාව

ශාඩේ ග්රින්වුඩ් කියන්නේ අපේ රටේ නම ජ්‍යාන්තරයට අරන් යන තවත් සුරුපිනියක්.ඇය මෙවර මිස් ශ්‍රී ලංකා කිරුළේ හිමිකාරියයි.

ඇය තවමත් වයස අවුරුදු දහ අටක් වන යොවුන් තරුණියක්. පසුගිය කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුණු miss sri lanka රූ රැජින තරගාවලියේ කිරුල දිනාගැනීමට ඇය සමත් වුනා.

2021 වසරේ පෙටෝ රිකා වලදී පැවැත්වෙන ලෝක රූ රැජින තරගාවලියට ලංකාව නියෝජනය කරමින් මෙවර තරඟ වදින්නේ ඇයයි.
ඇය එංගලන්ත සම්භවයක් පවතින තරුණියක්. ඇයගේ පියා බ්‍රිතාන්‍ය සහ ජර්මානු සම්භවයක් සහිත පුද්ගලයෙක්. ඇගේ මව ශ්‍රී ලංකාවේ ශ්‍රී ලන්කන්, එයාර් ලංකා, එමිරේට්ස් කියන සමාගම් වල සේවයේ නියුතු වුණු ගුවන් සේවිකාවක් ඇය සමන්තා ගෝමස්.

ඇය මිස් ශ්‍රී ලංකා තරඟය ජයග්‍රහණය කළාට පස්සේ මේ විදිහට අදහස් දක්වා තිබුනා. ඒ ඇය පොඩි කාලේ පටන්ම ලංකාව වෙනුවෙන් සහ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්නට ආසාවෙන් සිටි බවයි. ඒ වගේම ලෝක රූ රැජින තරඟයත් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඉතින් මේ සුරූපී පුංචි කෙල්ලට ලෝක රූ රැජින තරඟාවලිය ජයග්‍රහණය කිරීමට වගේම ඇයගේ අනාගතය සාර්ථක කරගැනීමට ලැබේවායි ප්‍රර්ථනා කරමු.