Lanka Fashion

No 01 Online Fashion Magazine

“විරහව උපරිමයෙන් විඳලා තියෙනවා.” බිලේෂා විජයරත්න

ලාංකීය ටෙලි ඉතිහාසයේ වැඩියෙන්ම ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයක් වන කුඹියෝ ටෙලි නාට්‍ය හරහා කලා ක්ෂේත්‍රයට පා තැබූ ඇය නමින් බිලේෂා විජයරත්න.ඉතින් ඇය මේ දිනවල ITN නාලිකාවේ විකාශනය වන විදුරු මල් ටෙලි නාට්‍යය හරහා අපේ ආලින්දයට එනවා. ඉතින් කුඹියෝ ටෙලි නාට්‍යයෙන් පසු අවූරුදු එක හමාරක් පමණ නිහඬව සිටි ඇය ඒ ගැන මේ විදිහට පැවසුවා.“අවුරුදු එකහමාරකට විතර පස්සේ ටෙලි නාට්‍යයක රඟපෑමේ විශේෂ හේතුවක් නෑ. ගෙදර තමයි හිටියෙ.දැන්නම් ජොබ් එකක් කරනවා ඒ නිසා ස්ථාන මාරු උනා.ඒ වගේ දේ නිසා තමයි.නමුත් කෙටි චිත්‍රපට වෙබ් සීරියස් වගේ ඒවාට සම්බන්ධ වුණා වේදිකා නාට්‍යයකුත් රඟ පෑවා.”

ඒ වගේම ඉතින් ඇය ප්‍රේමය විවාහය ගැන මේ විදිහට පැවසුවා.“මම අවංකයි. මම හිතන විදියට ප්‍රේමය කරන්න ගියාම උපරිමයෙන් එක කරනවා. ඕනවට වැඩිය ඒ ගැන හොයලා බලන කෙනෙක් නෙමේ නිසා අනෙක් කෙනාට වඩාත් ලැදි වෙන කෙනෙක් ප්‍රේම කරන කරන කෙනා නැතුවම බැරි කරගන්නවා ඒක මගේ දුර්වලකමක් ද මොකක්ද කියලා මම දන්නෙ නැහැ.මොකද අනිත් පාර්ශවයට වදයක් වෙන්නත් හොඳ නැහැ. ඒ වගේම මම කාවත් අත්හැරියේ නෑ. මම සම්බන්ධතා කියන ඒවා අන්තිම මොහොත වෙනකම් අල්ලගෙන ඉන්නවා.විරහව නම් ඉතිං උපරිමයෙන් විඳලා තියෙනවා.හැබැයි අද ඒ ගැන හිතද්දී ඇයි එහෙම වුණේ කියලත් හිතෙනවා”