Lanka Fashion

No 01 Online Fashion Magazine

වොල්ගා කල්පනී උපන්දිනය වෙනුවෙන් කල සුන්දර Photo shoot එක.

වොල්ගා කල්පනී කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාරදිගේ ටෙලි නාට්‍යයේ ටුටූ ලෙසින් වගේම ස්වාධින රුපවාහිනි නාලිකාවෙන් විකාශනය වන මාණික්කාවත ටෙලි නාට්‍යයේත් ඉතාමත් දක්ෂ චරිත නිරුපනය කරනවා.ඉතින් ඇය මේ දිනවල ජීවිතය ගැන මේ විදිහට පැවසුවා.“මේක මම පෙර කළ පිනක්. මෑත කාලයේ කිසිම රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට නොලැබුණු අවස්ථාවක් මට ලැබුණේ. මම වාසනාවන්ත වුණා සුදත් රෝහණ මහත්මයා සමඟ වැඩ කරන්න තරම්. මට ලැබුණු ලොකු අවස්ථාවක්. ඇත්තටම පෙර පිනකට ලැබුණු චරිතයක් මට මෙය.සුදත් රෝහණ මහත්මයා මාව යොමුකළා ඇස් අන්ධ සුගත් මහත්මයා හා ඔහුගේ බිරිඳ එක්ක කාලය ගත කරන්නට. මේ දෙන්නාටම ඇස් පේන්නේ නෑ. මම ඒ අයගේ ගෙදර ගිහින් උදේ සිට හවස් වෙනකම් ඉඳලා ඒ අය කොහොමද වැඩ කරගන්නේ කියලා බලලා ඔවුන් ඇවිදින කනබොන ආකාරය මේ සියල්ලම ඉගෙන ගත්තා. මේ චරිතය වෙනුවෙන් පුහුණුවීම් වැඩිපුර කළා. නිතරම චරිතය ගැන සකච්ජා කළා. අපි හැමෝම මේක බෙදාගෙන කළ වැඩක්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ අංගරචනා ශිල්පියාව. ඔහු ගුණාදරිගේ බාහිර පෙනුම නිර්මාණය කළා හරි අපූරුවට. මම සෑම දර්ශන වාරයකටම කලින් ඇස් දෙක පියාගෙන ඒ අවස්ථාව සිතින් හදාගන්නවා.ජයප‍්‍රකාෂ් ශිවගුරුනාදන් මහත්තයා මාව මේ ක්ෂේත‍්‍රයට ගේන්නේ. ඔහුගේ නිර්මාණවල මම දිග පළල හොයන්නේ නෑ. ඔහුගේ නිර්මාණ හැර වෙනත් නිර්මාණවලට ඇත්තටම මම සම්බන්ධවනවා අඩුයි. මම ගොඩක් තෝරාබේරාගෙන කලා කටයුතු කරන්නේ. ඇත්තටම මම ක්ෂේත‍්‍රයේ බොහොම අඩුවෙන් වැඩ කරලා තියෙන කෙනෙක්. බොහෝ දෙනෙක්ට වෝල්ගාව දැක්කම හිතෙන්නේ හරිම සෙල්ලක්කාර චරිතයක් කියලා. සුදත් රෝහණ මහත්මයා මට දුන් මේ අවස්ථාව එක්ක පේ‍්‍රක්ෂකයා විශ්වාස කරන්න පටන්ගත්තා මං ගැන. එය ඇත්තටම ලොකු සතුටක්. මම සම්බන්ධවෙලා කොටස් කිහිපයයි තවම විකාශය වෙලා තියෙන්නේ. මේ කෙටි කාලයට මට ආදරය කරන්න පටන් අරන් තියෙනවා. පිටරට ඉන්න අයගෙන් ගොඩක් ප‍්‍රතිචාර ලැබුණා. මේ කතාව ඇතුළේ තියෙන අප්පච්චිගෙයි දුවගෙයි ආදරය මිනිසුන්ට ගොඩක් දැනෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහොමයකගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබුණා.”

රුගතකිරීම් අතරතුර මුහුණ දෙන්න වුනු අමතක නොවන සිදුවීම් ගැනත් ඇය මේ විදිහට පැවසුවා.“රූගත කිරීම් කළේ කළුතර ප‍්‍රදේශයේ කඳු තියෙන කැලෑවක් තියෙන සුන්දර පරිසරයක. කවුරුහරි මාව අල්ලගෙන ගියේ නැත්නම් අනිවාර්යයෙන්ම මම වැටෙනවා. ඒ වගේම එක දවසක් මට මතකයි එක රූගත කිරීමක් තිබුණා ඒකට කෘති‍්‍රමව වැසි වස්සලා කරන්න තිබුණේ. එදා ඇත්තටම වැස්සා. අපි හැමෝම උදේ පාන්දර ඉ`දලා හවස හය හත වෙනකම්ම හොඳටම තෙමුණා.සුදත් රෝහණ මහත්තයා සමඟ වැඩ කරන්න ඕන කියලා මගේ හිතේ හීනයක් තිබුණා. ඒ හීනය හැබෑ වුණා කිව්වොත් හරි. නිර්මාණයට ඔහු සමීප වුණා සේම නිර්මාණයෙන් පසුවත් ඔහු ජීවිතයට බොහොම සමීප වුණා. ක්ෂේත‍්‍රයේ ජීවිතයට සමීප අය ඉන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. මේ නාට්‍යය ඇතුළේ අධ්‍යක්ෂවරයාගේ සිට තේ එක හදන කෙනාට එනකම් හැමෝම එක හා සමානව මහන්සි වුණා. කිසිම බෙදීමක් තිබුණේ නැහැ. සමහර වෙලාවට අපේ දර්ශන තලවලට කිලෝමීටර් දෙක තුන පයින් යන්න වෙනවා ඒ පාරවල්වල වාහන යන්න බැරි නිසා. ඒ වගේ වෙලාවට අපි ඔක්කොම බඩු උස්සන් යනවා. විශේෂයෙන්ම අපේ නිෂ්පාදකවරයා අපි කැලෑවේ රූගත කිරීම් කළා කියලා නෑ කිසිම අඩුවක් නොවෙන්න අපි සියලූ‍ දෙනාම බලාගත්තා.ඇස් පේන මම ඇස් නොපෙනෙන කෙනෙක් විදිහට රඟපෑමයි අභියෝගය. මනුස්සකම අතින් ඇස් පේන මිනිහට වඩා ඇස් නොපෙනන මිනිහා ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් හරිම නිර්ව්‍යාජ මිනිස්සු. ගතිගුණ අතින් ඉහළයි. ඇස් පේන කෙනාට වඩා ඇස් නොපෙනෙන කෙනාට දැනෙනවා වැඩියි. උදේට දර්ශන තලයට ගිහින් සෙරෙප්පු දෙක ගලවගත්තම ආයෙත් මම සෙරෙප්පු දෙක දාන්නේ රූගත කිරීම් ඉවර වුණාම. ඒ කාලය ඇතුළත මම හැම මොහොතකම උත්සාහ කළේ ටික කාලකට මම වොල්ගා කල්පනීව මරලා දානවා. මම ගුණාදරීම තමයි කියලා මම ජීවත් වුණේ.”

ඉතින් ඒ වගේම ඇය ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඉතාමත්ම ලස්සන චායාරුප පෙළක් අරගෙන තිබුණා.