Lanka Fashion

No 01 Online Fashion Magazine

“සමහරු වගේ මම YouTube දාලා ළමයි විකුණන් කන්නේ නෑ.” මහේෂි මදුසංකා කියූ සැර කතාව.

මහේෂි මදුශංකා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ වගේම ඉතාමත් සුරූපී රංගන ශිල්පිනියක්.2019 වසරේ Sri Lanka For Mrs. Universe විවාහක රූ රැජිණ තරඟයේ විවාහක රූ රාජිණිය ලෙස කිලිරු පැළඳීමටත් ඇයට හැකියාව ලැබුනා.

කොහොම වුනත් ඇය පසුගිය කාලයේ අපිට වැඩිපුර පෙනෙන්න නම් සිටියේ නැහැ..ඒ ගැන ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි.“ඒකට හේතුව උනේ මගේ පුංචි පුතු පැටියා. කොච්චර ආරාධනා ලැබුනත් මගේ පුතා නිසා මම නිර්මාණ වලින් ඈත් වෙලා තමයි හිටියේ. ඉස්සරහට නව නිර්මාණ කීපයක්ම සමග වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට මගේ ජීවිතයේ ලැබුනු ලොකුම සම්මානය තමයි “අම්මා” කියන පදවිය. ඒ උතුම් වූ පදවිය වෙනුවෙන් මම මගේ මුළු ජීවීතයම උනත් කැප කරන්නට සූදානමින් ඉන්නේ. මම පුංචි පැටියා එක්ක ගත කරපු ඒ සුන්දර කාලයට කෙටි විවේකයක් ලබා දීලා ඇය ටෙලිනාට්‍යයේ අවසාන කොටස් කීපයට සම්බන්ධ උනා. ආරාධනා භාරගෙන ආපහු ටික ටික කලාවට සම්බන්ධ වෙන්නයි මම හිතන් ඉන්නේ.”

ඒ වගේම ඇය කැමැති සාමාන්‍ය කාන්තාවක් ලෙසින් ජිවත් වෙන්නලු.ඒ නිසා ය මෙන්න මේ විදිහටත් පවසා තිබුනා.“සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න තමයි මම ගොඩක් කැමති. අපේ ජීවිත වල ඇතුලෙ හැමදෙයක්ම ප්‍රසිද්ධ කරන්න මම කැමැති නැහැ. ගෙදර අය විතරයි දන්නේ මම මොනවද කරන්නෙ කියලා. මගේ විවාහය සිද්ධ උනෙත් වෙඩින් එකක් අරගෙන නෙමෙයි විවාහය උනත් ප්‍රසිද්ධ කරන්නම අවශ්‍ය දෙයක් නෙමෙයි. දෙදනෙක් අතර ඇති වෙන විශ්වාසයයි විවාහය කියලා කියන්නේ. දරුව ලැබෙන්න ඉද්දි මම ඒකවත් ප්‍රසිද්ධ කරේ නැහැ. ෆොටෝ ෂූට් ගොඩකට ආරාධනා ලැබුනත් ඒ එකක්වත් මම පිලිගත්තෙ නැහැ. දැන් ඉන්න ගොඩක් අය ගැබ් ගත්ත දවසෙ ඉදලා ඒ හැම එකක්ම වීඩියො කරලා යූටියුබ් දානවා. ඒ උනාට සමහරු වගේ මමනම් යූ ටියුබ් දාලා ළමයි විකුණන් කන්නේ නැහැ. උත්තරීතර මාතෘත්වය වගේ දෙයක් අපි ඇයි ඒ විදියට පහත් තැනකට දාන්නේ.”

ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනියට ඇයගේ රංගන කටයුතු සාර්ථක කරගැනීමට වගේම හැමදාමත් සතුටින් සිටීමට ලැබේවායි ප්‍රර්ථනා කරමු.