Lanka Fashion

No 01 Online Fashion Magazine

“සමහර චරිත දකිද්දී මට හිතෙනවා ඊට වඩා හොඳට මට කරන්න තිබුණා කියලා.”සුරූපී නිලි මහේෂි මධුසංකා

අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ වගේම් සුරුපිරංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නනේ.ඇය රංගන ජිවිතයේ පමණක් නොවේ ඇය දැන් ආදරණිය බිරිඳක් වගේම මවක්ද වෙන්වා.

ඇය කලා ක්ෂේත්‍රයට පයතබා තිබෙන්නේ වයස අවරුදු 18ක් තරම් කුඩා වයසකදීයි.ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.“ මම කලා ක්ෂේත්‍රයට එන්නේ මට අවුරුදු දහ අටේදී. එදා ඉදන් අද වෙනකම් මම දුර ගැන මම ගොඩක් සතුටු වෙනවා. රංගන ශිල්පිනියක් විදිහට මම කැමතියි විවිධ චරිත රඟපාන්න. ආව ගමන ගැන තියෙන්නෙත් තෘප්තියක් විතරයි. හැබැයි සමහර නිර්මාණවල සමහර චරිත දකිද්දී මට හිතෙනවා ඊට වඩා හොඳට මට කරන්න තිබුණා කියලා.”

ඉතින් ඇයගේ රංගන ජිවිතයට ඇයගේ ආදරණිය සැමියාගෙන් ලැබෙන දායකත්වය ගැනත් ඇය මේ විදිහට පැවසුවා.“මම මගේ ජීවිතේ පළමු තැන දෙන්නේ මගේ පවුලට. පවුල් ජීවිතය නිසා කලාවට සමුදෙනවා කියන තැනත් මම නැහැ. මගේ සැමියා ශ්‍රී ලංකන් ගුවන් නියමුවරයෙක්. මගේ කලා ජීවිතයට එයා ලොකු සහයෝගයක් ලබා දෙනවා. විශේෂයෙන් එයා මට මගේ මානසික නිදහස දෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ එයාගේ පවුලේ අයත් මට ගොඩක් උදව් කරනවා. සැමියෙක් විදියට මගේ සැමියා වගකීම් සහිතව වැඩ කරනවා. මට ගොඩක් සතුටුයි ඒ වගේ කෙනෙක් ලැබීම ගැන. ගෙවුන පහුගිය කාලේ පුරාවට එයා අපි ගැන ගොඩක් සැලකිලිමත් වුනා. එයාගේ රැකියාවත් එක්ක එයා අපිට වඩා අපි ගැන සැලකිලිමත් වුණා. විශේෂයෙන්ම එයා මේ වෙද්දි PCR පරීක්ෂණ පනහකට වැඩිය කරලා තියෙනවා. මම හිතන්නේ ගැහැණියකට ලැබිය යුතු හොඳම සැමියෙක් මට ලැබිලා තියෙනවා.”