Lanka Fashion

No 01 Online Fashion Magazine

“සම්මුඛ පරීක්‍ෂණවලට ගියාම මම කළුයි කියලා ප්‍රතික්‍ෂේප වුණා..” ඩිලුක්ෂි වීරපෙරුම

ඩිලුක්ෂි වීරපෙරුම කියන්නේ මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක්.ඇය වැඩි වැඩියෙන් ප්‍රේක්ෂක ආදර දිනා ගත්තේ දෙරණ නාලිකාවේ විකාශනය වුනු ලොක්කි ටෙලි නාට්‍යයේ ප්‍රවීනා චරිතය නිසයි. ඉතින් ඇයට ලැබුන මේ ආදරය ගැන ඇය පසුගියදා පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.“‘ලොක්කි’ ටෙලිනාට්‍යයේ මම වෙනස්ම විදිහේ චරිතයක් තමයි රඟපෑවේ. මම හිතන්නේ ‘ලොක්කි’ ටෙලිනාට්‍යය බැලුවනම් ඒ වෙනස තදින්ම දැනෙයි. මම නිරූපණය කරන ‘ප්‍රවීනා’ චරිතයට විවිධ නම්වලින් මාව අමතනවා. ‘චූටි’ කියනවා එහෙමත් නැත්නම් ‘අනා’ කියනවා.මම ඉතින් ඉංග්‍රීසි වචන දාලා කතා කරන කෙනෙක්. ඒ චරිතය තුළ ‘ප්‍රවීනා’ට ලොකුවට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒ කියන වචනවලින් වැඩිපුරම මගේ කටින් පිටවෙන්නේ ‘අනා’ කියන වචනය. දැන් ඉතින් හැමෝම මාව අඳුරන්නේ ‘අනා’ කිවුවොත් තමයි. මාක්ස් දාලා එළියට බැස්සත් මාව අඳුරගන්න පුළුවන් තත්ත්වයක් දැන් උදාවෙලා.හිතුවේ නැහැ මම මෙවැනි චරිතයක් රඟපායි කියලා. ඒ වගේම කොමඩි චරිතයක් නිරූපණය කිරීම මටත් ලොකු අභියෝගයක් වුණා. මට ආරාධනා කළාට පස්සේ මම මේ චරිතය කරන්න බැහැ කිවුවා ඒ තිබුණු අභියෝගයට ඒත් මට සියලුම දෙනාගෙන් ලැබුණු සහායත් එක්ක ‘ප්‍රවීනා’ට සාධාරණයක් කරන්න පුළුවන් වුණා. මොකද මිනිසුන් හිනස්සන්න හැමෝටම බැහැ.”

ඉතින් රංගන ක්ෂේත්‍රයේ ඇය පැමිණි මේ ගමන ගැන ඇය පැවසුවේ මේ විදිහටයි.“මම ලොකු කට්ටක් කාලා තමයි මේ ගමන ආවේ. මම මුල් කාලයේ සුළු චරිත පවා රඟපෑවා. එහෙම කළේ මට රංගනය කියන දේ ඉගෙනගන්න ඕනෑ නිසා. කවදාහරි දවසක වේදිකාවේ මට සම්මානයක් ගන්න වාසනාව ලැබුණොත් මම බය නැතුව එදාට කියනවා මම මේ ආපු ගමන කොයි වගේද කියලා.සම්මුඛ පරීක්‍ෂණවලට ගියාම මම කළුයි, එහෙමත් නැත්නම් මම කොටයි කියලා ඒ චරිතයට ගැළපෙන්නේ නැහැ කියලා ප්‍රතික්‍ෂේප වුණා. අපේ ටැලැන්ට් එක නෙවේ බැලුවේ. අභ්‍යන්තරය බලලා තමයි චරිතවලට තෝරාගන්න උත්සාහ කළේ. ඒ අවස්ථාවලදී මට ගොඩාක් දුක හිතුණා එහෙම කියද්දී.මගේ සාමාන්‍ය ජීවිතය මෙයට වඩා ගොඩාක් වෙනස්. ගෙදර මගේ කාමරයට ගියාම තමයි මගේ සැබෑ ස්වරූපය ඉස්මතු වෙන්නේ. නමුත් එළියට ආවට එයට වඩා වෙනස් විදියට මම ජීවත් වෙන්නේ. මිනිසුන් විවිධ ප්‍රශ්නවල ඉන්නේ ඉතින් මම කොහොමද මගේ වේදනාවක් ඒ අයට කියලා තවත් අසරණ කරන්නේ.”