Lanka Fashion

No 01 Online Fashion Magazine

“සල්ලි නැතිවුනත් කමක් නෑ.දෙන්නගෙන්ම එකතු කරගෙන ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් නං.” ටීනා ශනෙල්

ටීනා ශනෙල් කියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ වගේම දක්ෂ නිරූපන ශිල්පිනියක්. ඒ වගේම වැඩිම මිලක් අයකරන නිරුපන ශිල්පිනියත් අතරත් ඇය සිටිනවා. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන වලවෙට්ටුවා ටෙලිනාට්‍යයෙන් අපේ ආලින්දයට එනවා. අවංක නිහතමානි ගතිගුණ තිබෙන ටීනා කෙලින් කතා ක‍රන බොරු සෝබන නැති කලා කාරිනියක් ලෙස ඇයව බොහෝ දෙනෙක් හඳුන්වනවා. ඉතින් පසුගියදා රුපවාහිනි වැඩසටහනකට සහභාගී වී ඇය ආදරේ නිසා ජිවිතයේ මුහුණ දෙන්න සිදුවූ දේවල් මේ විදිහට පවසා තිබුනා.

“දැන් තියෙන relationship වල ඉස්සර තිබ්බා වගේ ලොකු ආදරයක් නැහැ. මට හම්බ හම්බවෙච්චි දැන් මේ ඉන්නේ මගේ හතරවෙනි බෝයි ෆෙන්ඩ්. සම වයස අය එක්ක යාළු වුණා ඒ එක්ස්පීරියන්ස් ගත්තා. ඒත් හරි යන්නේ නැහැ. එකහිතක ඒගොල්ලො නැහැඒගොල්ලන්ගෙ හිත හැම තැනම දුවනවා.සාමාන්‍යයෙන් මම අවුරුදු තුන හතරකටවත් මම ආස නෑ කොල්ලො එහෙම මාරු කරන්න. මම සාමාන්‍යයෙන් මොන වැරැද්ද කරලා ආවත් හරි ඔයා මෙදා සැරේ ඕක කරාට ඊළඟ පාර ඕක කරන්න එපා කියලා සමාව දෙන විදිහේ චරිතයක්. මම කියන්නේ ආටිස්ලා විදිහට අපිව ලැජ්ජ නොකර පිටට ජීවත් වෙන්න කියලා. මම ඒගොල්ලන්ගෙන් සල්ලි බලාපොරොත්තු වෙන්නෙත් නෑ මොකද සල්ලි නැතිවුනත් ඒක දෙන්නම එකතුකරගෙන හදාගන්න පුළුවන්.මට හම්බ හම්බවෙච්ච අය පාටි යන බොන, නැති නාස්ති කරන අය.ඒ අයත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. මොකද මම ඒ ටයිප් නෑ. මම එහෙම අයගෙන් අයින් වෙනවා. මගේ දෙවැනි කෙනා හරිම ලස්සන boy කෙනෙක්. මම එයත් එක්ක හදිසියේම යාළු වුණා ලස්සන නිසා. හැබැයි ඒක ඊට වඩා අවුලක් මම ගිහින් තව එහෙකට පැටලුනා. ඒක මට හරි යන්නෙම නැහැ එයා party . වෙලාවක් කලාවක් නැහැ. මට එහෙම ජීවත් වෙන්න බෑ. සල්ලි නැතිවුනත් කමක් නෑ දෙන්නගෙන්ම එකතු කරගෙන ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් නං. සමහර වෙලාවට මම මගේ පර්ස් එක හිදෙනකම්ම වියදම් කරලා තියෙනවා කොල්ලන්ට. එහෙමයි කියලා එයාලගෙන් මට රුපියලයක දෙයක්වත් ලැබිලා නැහැ.මම කියන්නේ ආරක්ෂාවක් දීගෙන මගේ වැරදි තියෙනවනම් ඒවත් හදාගෙන මාව බලාගන්න කියලා. ඉතින් එහෙම හම්බ වෙච්ච එකම කෙනා තමයි දැන් ඉන්න කොල්ලා. හදිසියේ හරි අසනීපයක් වුණොත් බෙහෙතක් හරි ගෙදරට එව්වෙ දැන් ඉන්න කෙනා. ඉස්සර හිටපු හැමෝම බීලා කතා කරන්නවත් දන් නැති අය.”