Lanka Fashion

No 01 Online Fashion Magazine

සුරූපී නිලි මුතු තරංගාගේ කැදැල්ලට ආපු පුංචි අමුත්තා.

මුතු තරංගා කියන්නේ අපේ රටේ සුරූපී වගේම ප්‍රේක්ෂක ආදරය වඩ වඩාත් දිනාගත් අහිංසක රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.ඇයගේ රංගන චාරිකාවට දොරටුව විවර උනේ සෙනේෂ් බණ්ඩාර අධ්‍යක්ෂණය කල පලිගු ප්‍රසාද ටෙලිනාට්‍යය හරහායි.ඉන් පසු ඇය විවිධ චරිත රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තා.

ඉතින් ඇය විවාහයෙන් පසු සැහෙන්න කාලයක් තිස්සේ මව් පදවිය ලබන්න බලාපොරොත්තුවෙන් සිටිය.ඉතින් ඇයගේ සුන්දර සිහිනය සැබෑ කරගනිමින් පසුගිය මාසයේ ඇය උතුම් මව් පදවිය ලැබුවා.අයගේ ආදරණිය කැදැල්ල තවත් සුන්දර කරමින් ඔවුන්ට එකතු උනේ පුංචි හුරතල් පුතු පැටියෙක්.ඉතින් මේ පුංචි පුතාට මේ වනවිට මාසයක් සම්පුර්ණ වෙනවා.ඉතින් ඒ ගැන සදහන් කරමින් මුතූ තරංගා පුංචි පැටියාගේ ඡායාරූප කිහිපයක්ම ඇයගේ සමාජ මාධ්‍යජාලා ගිණුම්වලට එකතු කරමින් ආදරණීය සෙනෙහෙබර සදහනක් තබා තිබෙනවා දැක ගන්න ලැබුනා.

“අපේ ජීවිතේ වෙනස් කරපු , අපේ ජීවිතේට සතුට ගෙනාපු, අපි දෙන්නා අම්මා තාත්තා කරපු මගේ රත්තරන් පුතාට අදට මාසයක් වෙනවා.බුදුසරණයි මගේ රත්තරන් පැටියට. අපේ වාසනාවට ලැබුණු හොද ඩොක්ටර් කෙනෙක් සුධීර එන්. උඩුවෙල. Thank you very much doctor”

ඉතින් මේ පුංචි පැටියට බුදු සරණයි කියන ගමන්ම මුතු තරංගාගේ සොඳුරු කැදැල්ලට ආදරය සතුට අඩු නොවේවායැයි ප්‍රාර්ථනා කරමු.