Lanka Fashion

No 01 Online Fashion Magazine

“හිතුවෙ නැති වෙලාවක තමයි එයා මට කතා කරලා අපි මේ සම්බන්ධ නතර කරමු කියලා කිව්වේ.” කළිඳු කරුණාරත්න

TV දෙරණ ආයතනයේ මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරන කළිඳු කරුණාරත්න කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ඉතාමත් දක්ෂ මාධ්‍යවේදියෙක්.ඔහු දෙරණ රූපවාහිනි තිරයේ ප්‍රවෘත්ති නිවේදකයෙක් වගේම දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට කටයුතු කරනවා.ඉතින් පසුගිය වසර ගණනාවක සිටම දෙරණ නාලිකාවෙන්ම බිහි වූ දක්ෂ රංගන ශිල්පිනියක් වන මනිෂා චංචලා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ බව අපි සැවොම දන්නා දෙයක්.කොහොම වුනත් පසුගිය දිනෙක මොවුන්ගේ ආදර කතාව බිඳී ගොස් තිබුනා. ඉතින් ඒ ගැන කළිඳු පැවසුවේ මේ විදිහටයි.


“ඉස්කෝලේ යන කාලේ පොඩි පොඩි ප්‍රේම සම්බන්ධතා තිබ්බා ඒත් හිත ගත්තු ප්‍රේමය ඇය කිව්වොත් හරි. 2019 වර්ෂය මැද තමයි අපි ආදරය කරන්න පටන් ගත්තෙ. අවුරුදු තුනක ආදර කතාවකට අප්‍රේල් මාස තිත තිබ්බා ඒ මගේ වුවමනාවට නෙවෙයි එයාගේ උවමනාව ට උවමනාවට එදත් අදත් හෙටත් මම ඇයට ගරු කරනවා. එනිසා අපි ගෞරවනීය විදිහට කතා කතාබහ කරලා අයින් වුණා.මම හේතු ඇහුවේ නෑ. ඇය හේතු කිව්වෙත් නෑ. හේතුව හොයන්න ගියොත් මට හිත හදාගන්න අමාරුයි. ඒ නිසා එයාට ඇහුම්කන් දීලා සමුදුන්නා. හිතුවෙ නැති වෙලාවක තමයි එයා මට කතා කරලා අපි මේ සම්බන්ධ නතර කරමු කියලා කිව්වේ. එයාට නිදහස ඕන ඇති ඒ නිසා අමාරුවෙන් උනත් මම එයාට යන්න දුන්නා. මගේ කැමැත්තට විතරක් අපේ ආදරේ තිබිලා වැඩක් නෑ.එක පාරක් විශ්වාසය බින්ඳ කෙනා නැවත වතාවක් ඒ දේ කරන්න දෙපාරක් හිතන්නේ නෑ දැන් මගේ විශ්වාසය බිඳිලා ඉවරයි. ආයෙ බාරගන්නෙ නෑ එයා ආයෙ එයි කියලා හිතන්නෙත් නෑ. වෙන්න තිබ්බ දෙයක් වුණා.”