Lanka Fashion

No 01 Online Fashion Magazine

‘හොඳ වෙලාවට මම Divorce උන කාලේ Social media තිබ්බේ නැත්තේ’ නෙහාරා කියූ කතාව.

නෙහාරා පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් හරිම හුරුබුහුටි පෙනුමක් තියෙන දක්ෂ රංගන ශිල්පිනියක්.ඇය කළා ක්ෂේත්‍රයට පය තැබුවේ ITN නාලිකාවේ විකාශනය වූ අතිශයින්ම ජනප්‍රිය වූ මුතු කිරිල්ලි ටෙලි නාට්‍ය හරහායි.ඇය එම ටෙලි නාට්‍යයේ නිරුපනය කල සමාධි නම් තරුණිය ප්‍රේක්ෂකයන ඉමහත් ආදරයෙන් වැළඳ ගත්තා.

අපේ රටේ තවත් කඩවසම් වගේම දක්ෂ රංගන ශිල්පින් වන මේනක රාජපක්ෂ සමඟ විවාහ වී සිටින ඇය දැන් පුංචි දියණියකගේ මවක්ද වෙනවා.මේ ඇයගේ දෙවෙනි විවාහයයි.ඇය පළමුවර විවාහ වෙන්නේ වයස අවුරුදු 19ක් තරම් පුංචි වයසේදී.ඉතින් ඒ විවාහයේ නොගැලපීම් නිසා ඇය පසුකාලීනව විවාහයෙන් වෙන් වෙනවා.කොහොම වුනත් ඇය තම දෙවන විවාහයෙන් සාර්ථකව සහ සතුටින් සිටීමට සමත් වෙලා තිබෙනවා.ඉතින් නෙහාරා පසුගිය දිනෙක YouTube නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක මේ විදිහට පවසා තිබුණා.

” එකපාරම හැමදේම එපා උනා මට එක්තරා තැනකදී. ගොඩක් වැඩ කරපු නිසාද දන්නෙ නෑ. දැන් ඇති කියන හැඟීම් ආවා. දැන් මට මහන්සි. දැන් මට ඕන සාමකාමී වෙන්න කියලා හැඟීමක් ආවා. මට දික්කසාදයකට යන්න වූනා. ඉතින් මිනිස්සු ඒකට react කරපු විදිහ, එකට හැදුනු කටකථා ඒ ඔක්කොමත් එක්ක මට හිතුනා ඇයි නේද කියලා. මමත් මනුස්සයෙක්නේ. මටත් හැඟීම් තියෙනවා. මේක මට විතරද වෙන්නේ කියලා මම මාවම ප්‍රශ්න කළා. මම කොහොමද ලෝකෙටම කියන්නේ මෙහෙම තමයි වුණේ කියලා.? Social media එහෙම තිබ්බ නම්, ඒ වෙලාවේ මිනිස්සු කියපු කතාවලට මට suicide කරගන්න වෙන්නේ.මම හිතන්නේ මේ හැමදේම තාවකාලිකයි. ස්පෙශලි අපේ රටේ. ඉතින් ඒ නිසා මට මේ filed එක ගැන ලෝභ කමක් තිබුනේ නෑ. මම ජීවිතේ ගත්ත කිසිම දෙයක් ගැන පසුතැවෙන්නේ නෑ.”

ඉතින් තාමත් ජනප්‍රියත්වයේ ඉහලින්ම ඉන්න මේ යුවලට ඔවුන්ගේ පුංචි දියණිය මෙයිලි සමඟ හැමදාමත් සතුටින් ජිවත් වීමට ලැබේවායි ප්‍රර්ථනා කරමු.