Lanka Fashion

No 01 Online Fashion Magazine

“බිරිඳක් ලස්සන වූ පමණින්ම සාර්ථක පවුල් ජීවිත ගත කරන්න බැහැ.”දිනක්ෂිගේ සාර්ථක විවාහ ජිවිතයේ රහස.

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ඉන්න අතිදක්ෂ රංගන ශිල්පිනියක්.රටම ආදරය කරන ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන ඇය විවාහ වී සිටින්නේ අතිදක්ෂ රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමඟයි.ඒ වගේම ඇය මේ වන විට පුංචි දියණියකගේ ආදරණිය මවක්ද වෙනවා.

ඉතින් ඉතාමත් රූමත් සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇය මේ රූමත් බව රැකගන්න කරන සත්කාර පිළිබඳව මේ විදිහට පැවසුවා.“මම හිතන්නේ කෙනෙකුට ධනාත්මකව හිතන්න පුළුවන් නම් එය සිතුවිලි වලින් ලස්සන වෙන්න ප්‍රවේශයක් වෙනවා. අනිත් දේ තමයි කිසිම දේකට තරහ නොගැනීම. යම් සිදුවීමක දී බාහිර පාර්ශව සමඟ ඇතිවන තරහ තාවකාලිකයි. එය බුද්ධිමත් විදියට මගහැරිය හැකි නම් එය අපේ ප්‍රතිරූපය වගේම මනසටත් වාසියක් ගේනවා. අපි අපේ ලේ පිරිසිදු කරගන්න ඕනේ අපි විසින්මයි. මම සිතුවිලිවලින් යහපත් කෙනෙක් වුණොත් මගේ රූපය ද ලස්සන වෙනවා. මම ගොඩක් වතුර බොන කෙනෙක්. දිනකට වතුර ලීටර් 3 කට වඩා බොනවා. මම හිතන්නේ මට වියළි සමක් තියෙන නිසා නිතර වතුර බොන නිසා මගේ සමේ තෙතමනය රැකෙනවා. මම නිතර තැබිලි බොනවා. ඊට අමතරව කාබනික පොහොර යෙදු එළවළු පලතුරු ආහාරයට ගන්නවා. මම රසායනික පොහොර දාපු කෑම කන්නේ නෑ. විවේකයක් ලැබුණම කෝමාරිකා මදය ඇගේ ගල්වනවා. එය සමේ තෙතමනයට හිතකර වෙනවා. අපි කැරට් ජූස් නිතර පාවිච්චි කරනවා.”

ඒ වගේම සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන ඇය සාර්ථක විවාහ ජීවිතය පිළිබඳව මෙලෙස පැවසුවා.“මම හිතන්නේ බිරිඳක් ලස්සන වූ පමණින් ම සාර්ථක පවුල් ජීවිත ගත කරන්න බැහැ. ප්‍රියමනාප බව නිසා සැමියාගේ ආකර්ෂණය නිරන්තරයෙන් ලබාගන්න පුළුවන්. විවාහවෙන්න කලින් දකින රූපය විවාහ වුණාට පසුව දකින්නත් සැමියා කැමතියි. පිරිසුදුකම පිළිවෙළ තියෙන ඕනම බිරිඳක් ලස්සනයි. ඒ වගේම ඒ පවුල් ජීවිතේ සාර්ථකයි. මම හිතන්නේ විවාහයෙන් පස්සේ බිරිඳක් පිරිසිදුව පිළිවෙළට ඉන්න එක එයාලාගේ වගකීමක් කියලා.”