Lanka Fashion

No 01 Online Fashion Magazine

“මම පුංචි කාලේ ඉඳන්ම ගාන්නේ බේබි ක්‍රිම්.”ලෝචනා ඉමාශිගේ සුන්දරත්වයේ රහස.

ලෝචනා ඉමාෂි කියන්නේ අපේ රටේ ඉන්න කටකාර දඟකාර සුරූපී රංගන ශිල්පිනියක්.ඉතින් ඉතාමත් සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය ඇයගේ සුන්දර රූ සපුවේ රහස මේ විදිහට හෙළි කලා.“මම හිතන්නේ අපි හැමෝම හැමදාම ලස්සනට ඉන්න ඕන. මම ලස්සනට ඉන්න පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. මම නිතර විදේශ ගත වෙන කෙනෙක්. හැබැයි මම ශරීරයට ආලේප කරන දේවල් තෝරා ගන්නේ දේශීය විදිහට විතරයි. උපතින්ම මගේ සම වියළි සමක්. ඒ නිසාම මම නිතරම වතුර බොනවා. තැබිලි බොනවා. පලතුරු පලාවර්ග කෑම වේලට එකතු කරගන්නවා. කැඳ වර්ග ජූස් වර්ග නිතර පානය කරනවා. මේ වගේ දේවල් නිසාම සමේ වියළි බව නැති වෙලා සමේ තෙතමනය රැක දෙනවා. තව ගෙදරදි විවේකයක් ලැබුනහම කෝමාරිකා මද මුහුණේ ආලේප කරනවා. එයින් හොද තෙතමනයක් සමට ලැබෙනවා. සම සුදු කරගන්න ක්‍රීම් වර්ග නම් මම කවදාවත් පාවිච්චි කරන්නේ නෑ. මම පුංචි කාලේ ඉඳන්ම ගාන්නේ බේබි ක්‍රිම්.”


ඒ වගේම කාන්තාවකට ලස්සන වීම ඉතාමත් වැදගත් බවත් ඇය පැවසුවා.“මම හිතනවා කාන්තාවක් ලස්සනට ඉන්න ඕන කියලා .හැබැයි කාන්තාවක් ලස්සන වෙන්න ඕනේ බාහිරින් පමණක් නෙවෙයි. අභ්‍යන්තරයෙන් ඒ කියන්නේ සිතුවිලි වලිනුත් ලස්සන වෙන්න ඕනේ. ලස්සනට ඉඳීම තුළින් කාන්තාවකට සමාජය ඉස්සරහ ලැබෙන්නේ වටිනාකමක්. ඇයට ඇගේ පවුල ඉස්සරහ රැකියාව කරන ස්ථානයේ වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා ඒ වටිනාකම ගන්න කාන්තාවක් ලස්සනට ජිවත් වෙන්න ඕනි. ලස්සනට ඉන්න ඕන.ලස්සන තිබුනොත් ජිවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මෙහෙමයි ලස්සන නිසාම ජීවිතය දිනපු අයත් ඉන්නවා. ඒ වගේමයි ලස්සන නිසාම ජීවිතය අපායක් කරගත්ත අයත් ඉන්නවා. ඒ නිසා තමන් අතේම තමයි තියෙන්නේ තමන්ගේ රූපයට වටිනාකමක් එකතු කරගන්න එක සහ වටිනාකම නැති කරගන්න එක.”