Lanka Fashion

No 01 Online Fashion Magazine

සරාගී නිලි සමනලී ෆොන්සේකා ආදරණිය සැමියා ප්‍රවීණ ගායක ඉන්ද්‍රචාපාගේ උපන්දිනය වෙනුවෙන් තැබූ ආදරණිය සටහන.

සමනලී ෆොන්සේකා කියන්නේ අපේ රටේ ඉන්න අතිදක්ෂ සරාගී රංගන ශිල්පිනියක්.ඇයගේ ආදරණිය සැමියා වන ඉන්ද්‍රචාපා ලියනගේ ලංකාවේ දක්ෂ ගායන ශිල්පියෙක්.

ඉතින් පසුගිය දවසක ඔහුගේ උපන් දිනය යෙදී තිබුනා. ඉතින් ඔහුගේ උපන්දිනයට සමනලී හරිම ආදරණිය සටහනක් තම සැමියා වෙනුවෙන් තම සමාජ ජාල ගිණුම් වල තබා තිබුනා.

“එකිනෙකා හුස්ම ගන්නා හඬක්වත් නොඇසෙන බිඳී වැටෙන කඳුලක සෙවනැල්ලක්වත් නොපෙනෙන මේ තරම් වියළි යුගයක. ආගාධයේ අඳුරුම පතුලට ගිලෙද්දීත් ආදරයේ අත, අත නොහැර, සෙනෙහස රැදුන කිසිදු තැනක් අසීරුම මොහොතවල් වලදී කිසි දිනක අත්නොහළ ප්‍රේමය නම් මෙයයි. ඒ අනෙකාව වටහා ගැනීමයි, අනෙකාව දරා ගැනීමයි, අනෙකාව පිළිගැනීමයි, අනෙකාට ඉඩදීමයි, මට යළි යළිත් පසක් කළ සුවිශාලම උණුසුම්ම නිදහස්ම හදවතක් ගැහෙන මගේම චාපුට,සුභම සුභ උපන්දිනයක්”