Lanka Fashion

No 01 Online Fashion Magazine

කරවිල ආහාරයට ගැනීමෙන් සමට සහ හිසකෙස් වලට ලැබෙන ප්‍රතිලාභ 6ක්.

කරවිලවල ඇති පෝෂණ ගුණය දැන සිටිනවා නම්, කිසිදිනෙක කරවිලවල තිත්ත රසය ගැන තැකීමක් නොකරාවි. කරවිලවල යකඩ, පොටෑසියම්, මැග්නිසියම් සහ ඉහළ තලයේ විටමින් වර්ග රාශියක් අඩංගුයි. එමෙන්ම බීටා කැරොටින් ද යහමින් අඩංගුවේ. කරවිල ව්‍යාංජන, කරවිල බැදුම, කරවිල සම්බෝලය ලෙස කරවිල ආහාරයට ගැනීමෙන්ද පෝෂණයක් ලැබෙන නමුත් කරවිල යුෂ පානය කිරීම ඉතා ප්‍රතිඵලදායක වේ.

1.දියවැඩියාවට සහ තරබාරුවට

කරවිල දියවැඩියාවට ඔසුවකි. ඊට අමතරව ශරීරයේ පවතින අනවශ්‍ය සීනි ප්‍රමාණයත් ඉවත් කර, සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසිපරිදි සිදු කිරීමටත් කරවිලවලින් සිදුවන්නේ මහඟු මෙහෙයක්. මීට අමතරව අප ලබාගන්නා කාබෝහයිඩ්‍රේට්, සිරුරට උරාගන්නා සීනි සහ එහි අතිරික්තය නසා දමන්නට කරවිල සමත් වෙනවා. මේ හේතුව නිසාවෙන් සිරුර තුළ පිෂ්ඨය තැන්පත්වීමෙන් ඇතිවිය හැකි තරබාරු තත්ත්වයන් කරවිල ආහාරයට එකතුකර ගැනීම නිසා නැතිකර ගන්නට පුළුවන්.

2.මුත්‍රා ගල් ඉවත්කරයි.

කරවිල මුත්‍රා ගල් ඇතිවීමේ රෝගී තත්ත්වයෙන් මිදෙන්නට අගනා ඔසුවක් ලෙසින් සැලකෙනවා. ආහාරයත් සමඟම සිරුරට එකතුවන ඖෂධයක් ලෙසින් සිරුරට එක්කාසුවීම වේගවත් කරන අතර අපට බාහිර ඔසු ලබාගැනීමෙන් තොරව මේ රෝග තත්ත්වයට පිළියම් ලබාගන්නට පුළුවන්.

3.කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

වැරැදි ආහාර රටා මඟින් සිරුරේ පවතින කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම පාලනය කිරීමටත් කරවිල කියන්නේ හොඳ විසඳුමක්. හදවත් ආබාධ, හදවත් රෝග සහ රුධිර නාල ලේ කැටි ගැසීම් වැළැක්වීමටත් කරවිල සමත්කම් දක්වනවා.

4.පිළිකා සෛල මැඩපවත්වයි.

පිළිකා නාශක ගුණ ඇති ආහාරයක් ගැන ඔබ කල්පනා කරනවා නම් ඔබේ මනසට මුලින්ම පැමිණිය යුතු ආහාරයක් ලෙස කරවිල දක්වන්නට පුළුවන්.

5.ලේ පිරිසුදුකර සම පැහැපත් කරයි

කරවිල රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරයි. පිරිසුදු රුධිරය සියලු සෛලවලට ගමන් කළ විටයි සිරුර සෞඛ්‍ය සම්පන්න වන්නේ. එසේ පිරිසුදු රුධිරය සිරුර පුරා සංසරණය වන විට සම පැහැපත්වීම නිරතුරුවම සිදුවන දෙයක්. කරවිල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එහි ඇති විටමින් ඒ සහ ඛ් මඟින් සම පැහැපත් කර සමේ රැළි වැටීම් වළක්වනවා. එමෙන්ම එය සම උඍ කිරණවලින් ආරක්ෂා කිරීමටත් උපකාරි වෙනවා. එසේම සමට වැලඳෙන ් ඉස්හොරි, කුරුලෑ, ලප, කැළැල්, පොතුකබර, පණු රෝග ආදි තත්ත්වයන් සඳහාත් කරවිල ඉතා ගුණදායකයි. මීට අමතරව සම මත ඇතිවන විවිධ තුවාල සහ අසාත්මිකතාවලටත් කරවිල යුෂ පානය කිරීම වැදගත්.

6.නිරෝගී කෙස් කලඹකට

කරවිල යුෂ හිස මත ගල්වා සම්බාහනය කිරීමෙන් හිසකෙස් යාම, රළු කෙස්, ඉස්හොරි සහ හිසෙහි කැසීම්වලට සුවයක් ගෙන දෙනවා. කරවිල යුෂ සෘජුවම හිසෙහි ආලේප කිරීමෙන් හිසකෙස් වැටීම වළක්වාගත හැකි අතර එයට මී කිරි ටිකක් එකතු කර ගැනීමෙන් හිස් කබලට සහ හිස කෙස්වලට කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරනවා.