Lanka Fashion

No 01 Online Fashion Magazine

ජලය පානය කිරීමෙන් පාලනය කර ගත හැකි රෝග 6ක්.

ජලය යනු මිනිසා හා සියලු සත්වයාට මෙන්ම විශ්වයේ පැවැත්මට ද අත්‍යවශ්‍ය සාධකයකි.බොහෝ දෙනෙකු ජලය පිළිබඳව ඉතා වැදගත් කොට නොසැලකුවද නොයෙක් රෝගයන්ට මෙන්ම නීරෝගී දිවියක් ගත කිරීමට ද ජලය ඖෂධයක් ලෙස සැලකීම වැරැද්දක් නොවේ.මැරුණු ගසකට ජලය යෙදීමෙන් ගස ප්‍රාණවත් වන්නා සේම මිනිස් ශරීරයේ පැවැත්මට ද ජලය එලෙසින්ම උපකාරීවේ.ජලය පානය පුරුද්දක් කර ගන්නේ නම් ඉන් බොහෝ රෝග පාලනය කරගැනීම සිදුකළ හැකිය.නමුදු ඔබ ජලය පානය කරනවිට උදෑසන හිස්බඩට එක් වතුර වීදුරුවක් පානය කර නැවත විටින් විට ජලය පානය කිරීමට පුරුදු වන්න.එමෙන්ම ආහාර ගන්නා විට සහ ආහාර ගත් සැනින් වැඩි වශයෙන් වතුර පානය කිරීමෙන් වලකින්න.

ජලය පානය කිරීමෙන් පාලනය කර ගත හැකි රෝග

1.ගෑස්ට්‍රයිටිස් රෝගය පාලනයවේ.

මෙම රෝගය අදවන විට කුඩා ළමයින් ,තරුණ, වැඩිහිටියන් යන සියලුදෙනා වයස් භේදයකින් තොරව පීඩා විඳින රෝගයක් බවට පත්ව තිබේ.උදරයේ ඇතිවන ආම්ලිකතාවයෙන් ආමාශයේ බිත්ති තුවාල වීම සිදුවන අතර එසේ වීමට බලපාන මූලිකම හේතුව වන්නේ උදෑසන ආහාරය නොගෙන සිටීමයි. ඊට අමතරව උෂ්ණ අධික ආහාර ගැනීම මෙම රෝගය වර්ධනය වීමට හේතුවේ. මෙම රෝගී තත්වයට ඖෂධ ලබා ගන්නා අතරතුර හා උදෑසන හිස්බඩට වතුර වීදුරුවක් පානය කිරීමට හා නිතර වතුර පානය කිරීමට පුරුදු වන්නේ නම් එමගින් මෙම රෝගී තත්ත්වය හා ඉන් ඇති වන බඩේ දැවිල්ල යන සංකූලතා සමනය කර ගත හැකිවේ.

2.හෘද රෝග ඇතිවීම පාලනය කරයි.

අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩි වීම නිසා බහුලව හෘද රෝග ඇතිවන අතර ජලය පානය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදුවේ.එවිට ශරීරයේ ශක්තිය වැය වීම වැඩිවේ. එමගින් අධික කොලෙස්ටරෝල් පාලනය වීම සිදුවී අධිරුධිර පීඩන තත්ත්වයන් ද සමනයවේ.එමෙන්ම මීට අමතරව ජලය පානය කිරීමෙන් රුධිරය කැටි ගැසීම ද පාලනයවී රුධිරය ක්‍රමවත්ව හෘදයට සැපයීමද සිදුවේ.මේ නිසා හෘද රෝග ඇතිවීම පාලනයවේ.

3.ආතරයිටීස් රෝගය යම්තාක් දුරට සමනය කරයි.

වයස්ගත වන විට කාටිලේජ දුබල වීමේන් ඇතිවන රෝගයක් වන මෙම රෝගය වැඩිහිටි සියලු දෙනා පීඩා විඳින රෝගයක් බවට පත්ව තිබේ.මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි රෝගයක් වුවද ජලය වැඩි පුර පානය කරන්නේ නම් ඉන් ඇතිවන වෙනත් සංකුලතා සමනය කර ගත හැකිය.එමනිසා ඔබත් ආතරයිටීස් රෝගයෙන් පෙලෙන්නේ නම් විටින් විට ජලය පානය කිරීම වැඩි කර ගැනීමට පුරුදු වන්න.

4.මළබද්ධය සමනය කර ගත හැකිය.

මළබද්ධය යනු බඩ වේලීමයි.බොහෝ විට මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ අපගනු ලබන වැරදි ආහාර රටාව හා ජීවන රටාව නිසාය.අප ගනු ලබන ආහාර ජීර්ණය වීමට ලක්වීමේදී එහි අඩංගු ජලය උරාගැනීම සිදුවන අතර පසුව මළ පිට කිරීමේදී මළ වේලීමට ලක්වේ.මළ පිට කිරීමට අවශ්‍ය වූ විටක මළ වේලීමට පත්ව ඇති නිසා මළබද්ධය ඇතිවේ.මේ නිසා ගනු ලබන ආහාරවේලට අමතරව ජලය පානය කිරීම මෙම රෝගය පාලනය කිරීමට බෙහෙවින් දායකවේ.

5.මුත්‍රා ගල් දිය කර හැරීමට.

මුත්‍රා රෝග අතර මුත්‍රා ගල් ඇතිවීම අදවන විට බොහෝ දෙනෙකු පීඩා විඳින තවත් එක් රෝග තත්ත්වයකි.මෙම රෝගය ඇතිවීමට බලපාන හේතු අතර ශරීරයට අවශ්‍ය ජලය අවම වීමද එක් හේතුවක්වේ.ඇතිවූ මුත්‍රා ගල් දිය කර හැරීමට මෙන්ම මුත්‍රාගල් ඇතිවීම වැළැක්වීමටද ජලය පානය කිරීම අත්‍යවශ්‍ය දෙයක් බව වෛද්‍යවරු ද සඳහන් කර තිබේ.

6.ඊස්ට් ආසාදනය සමනය කිරීමට.

ඊස්ට් ආසාදනයන් ඇතිවීමේන් කාන්තාවන් වැඩි ප්‍රමාණයක් පීඩා විඳින අතර මෙම රෝගය ඇතිවන්නේ යෝනී මාර්ගය වේලීමට ලක්වී එම ස්ථානයේ බැක්ටීරියා ඇතිවීම මගිනි.යෝනි මාර්ගයේ තෙතමනය පවතින්නේ නම් ඉන් බැක්ටීරියා ආසාදනය වීම සිදුනොවේ.මේ නිසා කාන්තාවන් ලෙස මෙම රෝගයෙන් මිදීමට ජලය පානය කිරීම වඩාත් වැදගත්වේ.

මීට අමතරව වකුගඩු රෝගය පාලනය කර ගැනීමට,මොළය වර්ධනයට හා මතක ශක්තිය වර්ධනයට,සමෙහි රෝග සමනය කර සම පැහැපත් කර ගැනීමට සමෙහි තෙතමනය රඳවා ගැනීමට,ශරීර පරිවෘත්තීය ක්‍රියාවලිය මැනවින් සිදුවීමට,රුධිරය කැටි ගැසීම සමනය කිරීමට,ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්වයන්ට,දියවැඩියාව වැනි රෝගයන්ගෙන් ඇතිවන ශරීර සංකූලතා සමනය කර ගැනීමට,හිස ආශ්‍රිතව ඇතිවන රෝග එනම් ඉරුවාරදය වැනි රෝගයන්ට,කොඳු ඇට පෙළ ආශ්‍රිත හටගැනෙන රෝගයන්ට මේ ආදී වූ නොයෙක් රෝගයන්ට පාලනය කිරීමට බියෙන් සැකෙන් තොරව ඔබත් ජලය පානය කර බලන්න.