Lanka Fashion

No 01 Online Fashion Magazine

දිනපතා ව්‍යායාම් කිරීමෙන් ඔබේ ශරීරයට ලැබෙන සුපිරි ප්‍රතිලාභ.

ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම් සිදුකිරීම ඔබගෙ සෞඛ්‍ය තත්ත්වය ඉහල නංවනවා සේම විවිධ සෞඛ්‍යමය සංකූලතා,ගැටලු ඇතිවීමද අවම කරගන්නට උපකාර වෙනවා.කෙටි කාලින සහ දිගු කාලීන ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් ඔබගෙ ජීවන තත්ත්වය ඉහල නැංවීමට සමත් ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම් වල ඔබ දිනකට අවම මිනිත්තු 30ක් පමණ යෙදීමෙන් පහත සදහන් විශිෂ්ට ප්‍රතිලාභ භුක්ති විදීමට හැකි වෙනවා.

• හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවම කරයි.

• ඔබගෙ බර වැඩිවීම ,අඩුවීම නිසිලෙස පාලනය කරමින් මනා බර මට්ටමක් පවත්වා ගැනීමට.

• රුධිරයෙ හිතකර කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීමට.

• රුධිරයෙ හිතකර පීඩන මට්ටමක් පවත්වා ගැනීමට .

• ආකාර දෙකක දියවැඩියා සහ පිලිකා තත්වයන් වැලදීමෙ අවදානම අවම කිරීමට.

• අස්ථි , මස්පිඩු , සන්ධි ශක්තිමත් කිරීමට සහ ඔස්ටියොපොරෝසීස් ඇතිවීමෙ අවදානම අවම වීම.

• ශරීරය ශක්තිමත් කරගැනීමට සහ ශරීරයට මනා සැහැල්ලුවක් ලබාගැනීමට.

• සුවපහසු බවක් ලබාගැනීමට සහ ඉතා හොද සුවබර නින්දක් ලබාගැනීමට.

ව්‍යායාම් මගින් ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යද ඉහල නංවා ගත හැකිබවට පර්‍යේෂන මගින් හෙලිවී ඇත.

• විෂාදය වැනි තත්වයන් ඇතිවීම අවම කරමින් නිතර සිතට ඍණාත්මක සිතුවිලි එන ස්වාභාවය අවම කිරීම.

• අන් අය සමග එක්ව ව්‍යායාම් කිරීමෙන් සමාජ සම්බන්ධතා මට්ටම වැඩි දියුණු කරගත හැකිවීම.

• ශාරීරික යෝග්‍යතාවය මගින් මානසික මට්ටම ඉහල නංවා නින්දෙ රටාව වැඩිදියුණු කරයි.

• ව්‍යායාම කිරීමෙන් ඔබේ මොළයේ සෙරොටොනින්, එන්ඩොර්ෆින් සහ ආතති හෝමෝන වැනි රසායනික ද්‍රව්‍යවල මට්ටමද වෙනස් විය හැකිය.

• දහඩිය දමමින් සම හරහා විෂහරණයක් සිදුකරන නිසාවෙන් නීරෝගි සමක් ලබාගැනීමට හැකිවීම.