Lanka Fashion

No 01 Online Fashion Magazine

යහපත් ලි-න්-ගික ජීවිතයක් සඳහා ආදරය, ගෞරවය වගේම අනෙකාගේ කැමැත්ත විමසීමත් ඉතාම වැදගත්.

යහපත් අඹු-සැමි සබඳතාවයක් සඳහා ශීලය, ප්‍රඥාව, ගති පැවතුම් යන කරුණු අතින් සැමියා සහ බිරිඳ සමාන විය යුතු බව බුදුරදුන් දේශනා කොට වදාරා ඇත. සැබැවින්ම ගුණබර බිරිඳකගේ සහ සැමියෙකුගේ යහපත් සබඳතා ඔවුනොවුන්ගේ ජීවිත පැවැත්ම සුවබර කරන්නේය. නමුත් වර්තමාන සමාජය තුළ එකිනෙකාට සමාන ගතිගුණ සහිත දෙදෙනෙකු සොයාගැනීම ඉතා අපහසු කටයුත්තක්ය. ඒ නිසාම තේරුම්ගැනීම තුළින් ඒවා ගලපවාගනිමින් පවුල් ජීවිතයක් ගත කිරීමට අප උත්සාහ කළ යුතුය. එසේ ගලපවා ගනිමින් යන මේ ජීවිත ගමන සාර්ථකව ගත කිරීමට සෞඛ්‍යමත් ලි-න්-ගික සබඳතාවයක්ද ඉවහල් වන බව බොහෝදෙනා නොදැනුවත්ය. ලි-න්-ගාශ්‍රිත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය I.L. ජයවීර මහතා මෙවර කතාබහ කරන්නේ සෞඛ්‍යමත් ලි-න්-ගික සබඳතා, යහපත් පවුල් ජීවිතයක් සහ ගැටළු අවම සමාජයක් ගොඩනැගීමට දායක වන ආකාරය පිළිබඳවය.

සෞඛ්‍යමත් ලි-න්-ගික ජීවිතයක් ගතකිරීම කියන කාරණාව ගැන පැහැදිලි කළහොත්?

කිසිඳු ලි-න්-ගික හිංසනයකට ලක්නොවී තමන්ගේ ලි-න්-ගික සහකරු සමඟ කායිකව,මානසිකව, සමාජයීය සහ ආධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් විය හැකි ආරක්ෂිත ලි-න්-ගික සබඳතාවක් පැවැත්වීම, සෞඛ්‍යමත් ලි-න්-ගික ජීවිතයක් ගත කිරීමක් විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විග්‍රහ කිරීම්වලට අනුකූලව කායිකව, මානසිකව, සමාජයීයව සහ ආධ්‍යාත්මික වශයෙන් ලි-න්-ගිකව තෘප්තිමත් නැති පුද්ගලයෙක්ට යම්කිසි රෝගයක් හෝ කායික දුබලතාවයක් නොමැති වුවත් ඔහු නිරෝගී පුද්ගලයෙකු ලෙස හඳුන්වන්න බැහැ.

විවාහ ජීවිතය තුළ යහපත් ලි-න්-ගිකත්වයක් පවත්වාගැනීම සාර්ථක පවුල් ජීවිතයක් සහ ගුණයහපත් සමාජයක් ගොඩනැංවීමට උපකාරී වෙන්නේ කොහොමද?

විවාහ ජීවිතයක් තුළ යහපත්, සෞඛ්‍යමත් ලි-න්-ගික සබඳතාවයක් තිබෙනවා නම් එය සැමියාගේත් බිරිඳගේත් ආදරණීය බැඳීම ශක්තිමත් වීමට හේතු වෙනවා. එවැනි බැඳීම් තුළ මානසික ගැටළු ඉතා අවමයි. මානසික යහපැවැත්ම සහ ඒ සමඟ ඇතිවෙන සතුට නිසා බාහිර සමාජයෙන් එල්ලවන බලපෑම් වුවත් ඒ බැඳීම පළුදු වන්නේ නැහැ. ඒ වගේම ලි-න්-ගික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාසවන්ත දෙදෙනෙකුට පමණක් සීමාවෙන නිසා ලි-න්-ගාශ්‍රිත රෝග ඇතිවෙන්නෙත් නැහැ. ඊට අමතරව දික්කසාද, පවුල් ආරවුල්, මත්ද්‍රව්‍ය වැනි සමාජ ගැටළුත් අවම වෙනවා. මෙවැනි ගැටළු අවම සමාජයක් තුළින් යහපත්, ධර්මානුකූල පිරිසක් නිතැතින්ම බිහිවෙනවා.

නමුත් මේ සෞඛ්‍යමත් ලි-න්-ගික සබඳතාවයන් පිළිබඳව සමාජයේ ඇති දැනුවත්භාවය අවමයි නේද?

ඔව්. සෞඛ්‍යමත් අඹු-සැමි සබඳතාවයක් පවත්වා ගන්නේ කොහොමද, ඒ වගේම අනාරක්ෂිත ලි-න්-ගික සබඳතාවන් නිසා ඇතිවෙන්න පුළුවන් ගැටළු මොනවද වගේ කාරණා ගැන තවමත් අපේ සමාජයේ බොහෝදෙනා දැනුවත් නැහැ. ඒකට හේතුව වෙන්නේ අප රටේ නිසි වයසට සුදුසු ලි-න්-ගික අධ්‍යාපනික ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීමයි. මෙවැනි දේ කතාබහ කිරීම පවා පවක්, වරදක් විදිහට දකින පිරිසක් ඉන්නවා. මේ නොදැනුවත්භාවය නිසා සමාජය තුළ සංකීර්ණ ගැටළු රැසක් මේ වනවිටත් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා යහපත් ලි-න්-ගික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට නම් මේ පිළිබඳව පුද්ගලයන්ගේ දැනුවත්භාවය වැඩි කළ යුතුයි.

යහපත් අඹු-සැමි ලි-න්-ගිකත්වයක් පවත්වාගන්න බලපාන ප්‍රධාන කාරණා මොනවාද?

විවාහ වෙන දෙදෙනෙකුගේ අදහස් සියයට සියයක්ම සමාන වෙන්නේ නැහැ. එකිනෙකට වෙනස් පරිසරයන් දෙකක හැදුනු, වැඩුණු දෙන්නෙක් තමයි එකට එකතු වෙලා විවාහ ජීවිතයක් ගත කරන්නේ. ඉතින් මෙතැනදී දෙදෙනාගේ අසමානතා අවම වෙන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන එක තමයි වැදගත්. එකිනෙකාට ගෞරව කිරීම, හොඳ විශ්වාසයක් පවත්වා ගැනීම, නිතරම අනෙකාගේ කැමැත්ත, අකමැත්ත පිළිබඳ විමසීම, ආදරය පවත්වා ගැනීම වගේ සාධක මේ අසමානතා අවම කරගෙන සෞඛ්‍යමත් ලි-න්-ගික ජීවිතයක් පවත්වා ගන්න උපකාරී වෙනවා.

ඔය කියපු සාධක, සෞඛ්‍යමත් ලි-න්-ගික ජීවිතයක් ගත කරන්න උපකාරි වෙන්නේ කොහොමද කියලා තවදුරටත් පැහැදිලි කළහොත්?

පවුලක් ඇතුළේ සැමියා-බිරිඳ එකිනෙකාට ගෞරව කරනවා නම් ඒ පවුල ඇතුළට කිසිම විදිහකින් කායික හෝ වාචික හිංසනය වගේ දේවල් එන්නේ නැහැ.ඒ වගේම ප්‍රචණ්ඩත්වය, හිංසනය තිබෙන පවුල් පරිසරයක් තුළ ආදරණීය සබඳතාවයක් ඇතිවෙන්නෙත් නැහැ. ඒ නිසා අඹු-සැමියන් එකිනෙකාට දක්වන ගෞරවය ඉතාම වැදගත්. ඒ වගේම කෙනෙකුගේ හිතට සැමියා- බිරිඳ පිළිබඳ සැකයක් ඇති වුණොත් කිසිම විදිහකින් යහපත්, ආදරණීය ලි-න්-ගික සබඳතාවක් පවත්වන්න ඔහුට හෝ ඇයට සිත් දෙන්නේ නැහැ. අනෙක් කාරණාව තමයි කැමැත්ත අකමැත්ත සාකච්ඡා කිරිම. තමන්ගේ බිරිඳව අපහසුතාවයට පත්වෙන අයුරින් ලි-න්-ගික සබඳතා තුළදී ඇයව හිංසනයට භාජනය කරන සැමියන් සිටිනවා. අපිට ඒවා විවාහ දූෂණ (Marital Rape) කියලා හඳුන්වන්න පුළුවන්. බොහෝදෙනා නොදැනුවත් වුවත් මෙය නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. සැමියා-බිරිඳ එකිනෙකාගේ කැමැත්ත, අකමැත්ත පිළිබඳව සුහදව කතාබහ කරනවා නම් මෙවැනි ගැටළු මතුවෙන්නේ නැහැ. ඊළඟ කාරණාව ආදරය. විවාහ වී කාලයක් ගතවනවාත් සමඟ එකිනෙකා කෙරේ තිබෙන ආදරය, සාපේක්ෂව අඩුවීමට ඉඩ තිබෙනවා. දෙදෙනා අතර ආදරය අඩු නම් එකිනෙකාට ආකර්ෂණය වන ස්වභාවයත් අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම් කාන්තාවක් තමන්ගේ සැමියාට ලි-න්-ගිකව ආකර්ෂණය වෙන්නේ නැතිනම් ඇයට ලි-න්-ගික උත්තේජනයක් ඇතිවෙන්නේ නැහැ. එවිට ඇයට ලි-න්-ගිකව එක්වීම වේදනාකාරී විය හැකියි. ඒ වගේම සැමියාට බිරිඳ පිළිබඳව හැඟීමක් නැතිනම් ඔහුට ඇය සමඟ ලි-න්-ගිකව එක්වීමට අපහසු වෙනවා. ඒ නිසා සුළු දෙයකින් පවා සැමියාගේ බිරිඳගේ සිත සතුටු කරමින් සැමියාගේ-බිරිඳගේ ආදරය දිනාගැනීමට කටයුතු කිරීම වැදගත්. ඒ වගේම එයට දෙදෙනා නිතරම කැපවිය යුතුයි කියලත් කියන්න ඕනේ.

මැදි වියේදී ලි-න්-ගික සබඳතා පැවැත්වීම වරදක්ද?

ජීව විද්‍යාත්මකව ගත්තොත් පිරිමියෙක්ට අවුරුදු 75-80ක් වුණත් ලි-න්-ගිකත්වය පිළිබඳව ආශාව, කැමැත්ත අඩු වෙන්නේ නැහැ. නමුත් සමාජ වටපිටාවේ ස්වභාවය සහ දැන් දරුවන් ලොකුයිනේ කියලා හිතන බොහෝ බිරින්දෑවරුන් ලි-න්-ගික සබඳතා පැවැත්වීම ඒ වයසට නුසුදුසු දෙයක් විදිහට සලකලා ආගමික හෝ වෙනත් කටයුතුවලට යොමු වෙනවා. මැදිවිය එළැඹි පසු කාමර දෙකක ජීවත්වන අඹු-සැමියන් අපිට ඕනෑතරම් හමුවෙනවා. ඇත්තටම මෙය වැරදි ආකල්පයක්. සෞඛ්‍යමත් ලි-න්-ගික සබඳතාවයක් පවත්වාගන්න වයස බාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේම කලාතුරකින් ආර්ථවහරණයෙන් පසු ලි-න්-ගික ප්‍රදේශයේ වෙනස්කම්, යෝනි මාර්ගයේ වියළි බව ඇතිවන කාත්තාවන් ඉන්නවා. මෙවැනි ගැටළුවලට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකියි. වයස 65- 70 වුණත් ලි-න්-ගික අප්‍රාණිකත්වය වැනි ගැටළුවලට ප්‍රතිකාර ගන්න ඇතැම් දෙනා දැන් යොමුවෙනවා. එය ඉතා හොඳ ප්‍රවණතාවයක්. දෙදෙනෙකු විවාහ වන්නේ දෙදෙනාගේම කැමැත්ත මතයි. ඒ නිසා එවැනි සබඳතා නවතා දැමීමට එක් අයෙකු පමණක් තීරණය කිරීම සාධාරණ නොවීමට ඉඩ තිබෙනවා. එසේ නම් සැමියා සමඟ සාකච්ඡා කොට ඔහුගේ එකඟතාවයත් ලබාගෙන ලි-න්-ගික සබඳතා නතර කිරීමට තීරණය කළ හැකියි. එසේ නොමැති වීමෙන් සැමියා අනාරක්ෂිත සබඳතාවලට යොමු වී සංකිර්ණ පවුල් ගැටළු ඇතිවන අවස්ථා අප දකිනවා.

සෞඛ්‍යමත් ලි-න්-ගික ජීවිතයක් පවත්වා ගැනීමේදී බිරිඳගේ සහ සැමියාගේ භූමිකාවන් මොනවාද?

සෞඛ්‍යමත් ලි-න්-ගික ජීවිතයක් පවත්වා ගැනීම ඉතා පහසු කටයුත්තක් කියලා විවාහ වීමට පෙර සමහරු හිතනවා. නමුත් විවාහයෙන් පසු ඇතිවෙන ආර්ථික ගැටළු, සමාජ ගැටළු, දරුවන්ගේ ප්‍රශ්න වැනි දේ නිසා මෙය එතරම් සුළුවෙන් සිතිය හැකි දෙයක් වන්නේ නැහැ. උදාහරණයක් විදිහට හිතන්න ඔබට ගිනි මැලයක් නොනිවී තබාගත යුතුයි. මේ ගිනිමැලය ඉබේ නිවී යනතෙක් බලා සිටීමෙන් එය නිවී යාම නතර කිරීමට ඔබට හැකිවෙන්නේ නැහැ. නමුත් මහන්සියෙන්, කැපවීමෙන් දර සොයාගෙන විත් එයට දමනවා නම් එය සැමවිටම නොනිවී දැල්වෙනවා. ආදරණීය විවාහ ජීවිතයක්, සෞඛ්‍යමත් ලි-න්-ගික සබඳතාවයක් පවත්වා ගැනීමත් ඒ වගේමය. ඔබ ආදරය, ගෞරවය, විශ්වාසය වැනි දේ කැපකිරීමෙන් යුතුව බැඳීම තුළට ලබාදෙනවා නම් ඒ බැඳීම සැමදා නොනිවෙන ආදරණීය බැඳීමක් බවට පත් කරගැනීමට ඔබට හැකිවේවි.