Lanka Fashion

No 01 Online Fashion Magazine

කුරුලෑ වලට ගෙදරදීම ප්‍රතිකාර කළ හැකි ක්‍රම

කුරුලෑ යනු නව යොවුන් වියේදි ඇතිවන ශරීර වෙනස්කම් සමඟ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ඇතිවිය හැකි ගැටලුවක්. එම වයසේදී මෙය සාමාන්‍ය දෙයක් වුවත් අධික ලෙස මුහුණේ කුරුලෑ වර්ධනය වෙමින් ඇති බවක් ඔබට පෙනෙයි නම්, වහාම චර්ම විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. නිසි ඖෂධ හා ප්‍රතිකාර මඟින් කුරුලෑ ගැටලුව සුවකරගැනීමට ඉන් ඔබට හැකියාව ලැබේ. ඇතැම් කුරුලෑ ගැටලු ඇතිවීමට හෝර්මෝනමය ගැටලු හෝ ජානමය සාධක බලපායි.ඔබේ මුහුණේ කුරුලෑ ඇත්නම් නිතර ඔබේ සම පිරිසිදු තබාගැනීමට සැලකිලිමත් වන්න.සමේ අනවශ්‍ය ලෙස කුණු දුහුවිලි තෙල් ආදි අපද්‍රව්‍ය එකතුවීමෙන් සමේ සිදුරු අවහිර වී බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් ඒවා ආසාදනය වී කුරුලෑ බිබිලි බවට පත්වේ.සතියකට වරක් ඔබේ සමේ මැරුණු සෛල ඉවත්කරගැනීම, හොඳින් සමට සත්කාර කිරීම, හොඳ සන්ක්‍රීම් එකක් හෝ මොයිෂ්චරයිසර් එකක් සමට භාවිත කිරීම ද ඉතා වැදගත්.දිනකට දෙවරක් මුහුණ සෝදන්න. රාත්‍රී නින්දට පෙර භාවිත කළ රූපලාවන්‍ය නිෂ්පාදන හොඳින් ඉවත් වන සේ මුහුණ පිරිසිදු කරගන්න. තෙල් අධික, පිෂ්ටය අධික,සීනි අධික ආහාර සමට හානිකර බැවින් එවැනි ආහාර පුරුදු වලින් වළකින්න.මුහුණේ තැනින් තැන ඇතිවන කරදරකාරී කුරුලෑ දුරුකරගන්න නිවසේදීම ඔබට පහසුවෙන්ම භාවිත කළ හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ:

1.‘ඇක්ටිවේටඩ් චාකෝල් ෆේස් පැක්’

ඇක්ටිවේටඩ් චාකෝල් පවුඩර් තේ හැඳි 1, කෝමාරිකා මද හෝ ජෙල් තේ හැඳි 1ක් සහ ටී ට්‍රී ඔයිල් බිංදුවක් එක්කර මිශ්‍ර කරගන්න.මුහුණේ ආලේප කර සියුම්ව ඇඟිලි තුඬු වලින් සම්බාහනය කරන්න.මිනිත්තු 15ක් පමණ තබා උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න.විෂහරණ ගුණාංග බහුල නිසා ඇක්ටිවේටඩ් චාකොල් මඟින් සම ගැඹුරින් පිරිසිදු කරවයි.සමේ සිදුරු වල අවහිරතා දුරුකරයි.කුරුලෑ මතුවීම හොඳින් පාලනය කරයි.සමේ අඳුරු ලප කැලැල් කැපී පෙනීම අඩුකරවයි. මේවා ඔබට රූපලාවන්‍ය වෙළඳසැල් වලින් ලබාගත හැකියි.කෝමාරිකා වල ඇති ගුණ සමට සිසිලස ලබාදී සම සුවපත් කරයි. සිදුරු තුළ ඇති තෙල් වැනි අපද්‍රව්‍ය ඉවතට ඇද බිබිලි වර්ධනය වීම වළකයි.බැක්ටීරියා නසයි. සමේ තෙල් ගතිය පාලනය කරයි.සමට හොඳින් තෙතමනය සලසයිටී ට්‍රී ඔයිල් යනු තෙල් සහිත හා කුරුලෑ සහිත සමකට ඉතාම ගුණදායි තෙල් විශේෂයකි. මේවා මඟින් සමේ ගැටලු වලට හොඳින් ප්‍රතිකාර ලබාදේ. සමේ රතුගතිය,කැසිල්ල,ඉදිමුම සමනය කරයි.

2.හාල් පිටි ෆේස් පැක්

හාල් පිටි තේ හැඳි 2ක් ලෙමන් යුෂ තේ හැඳි 1ක් සහ මී පැණි තේ හැඳි 1ක් බඳුනකට දමා හොඳින් කළවම් කරන්න.මෙම පේස්ට් එක පිරිසිදු කරගත් මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න.මිනිත්තු කිහිපයක් ඇඟිලි තුඬු වලින් සම සම්බාහනය කරන්න. මිනිත්තු 15ක් පමණ මෙය සමේ ‍රැ‍ඳෙන්නට තබා,සාමාන්‍ය වතුරෙන් මුහුණ සෝදා තුවායකින් තෙත මාත්තු කරගන්න.හාල් පිටි කුරුලෑ වලට සහ පිග්මන්ට් කැලැල් සුවකරගැනීමට උපකාරී වන හොඳම අමුද්‍රව්‍යකි. සම දීප්තිමත් කරවන ගුණාංග මෙන්ම සම ඇතුලතින්ම පැහැපත් කරවන ගුණාංග බහුලයි.සමේ අලුතින් සෛල වර්ධනය වීමට හා සමේ තරුණ පෙනුම ආරක්ෂා වීමට අවශ්‍ය වන විටමින් B පෝෂක ද මේවායේ බහුලයි.සමේ මැරුණු සෛල ඉවත්කර සමට පිරිසිදු බවක් ගෙන දේ.ලෙමන් යුෂ වල අඩංගු සිට්‍රික් අම්ල සමේ කුරුලෑ බහුල ප්‍රදේශ වල අධික තෙල් සහිත ස්වභාවය පාලනය කිරීමට සහය වේ.කුරුලෑ සාදන බැක්ටීරියා විනාශ කරයි.විටමින් C බහුල නිසා සම ස්වභාවිකව පැහැපත් කරයි. කුරුලෑ කැලැල් දුරුකරයි.අමු මී පැණි සමට තෙතමනය ලබාදෙයි. බැක්ටීරියානාශක ගුණය නිසා සම ආසාදන වලින් ආරක්ෂා කරයි.සමේ සෛල වේගයෙන් සුවපත් කරවන අමුද්‍රව්‍යක් නිසා කුරුලෑ වලට ද මේවා ඉතා හොඳ ප්‍රතිකාරයකි.සම මෘදු කරයි.ලෙමන් වෙනුවට දෙහි ද භාවිත කළ හැකියි.

3.දොඩම් පොතු ෆේස් පැක්

අව්වේ වියළා කුඩුකරගත් දොඩම් පොතු තේ හැඳි 1ක් සහ රෝස වතුර තේ හැඳි 2ක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.මෙම පේස්ට් එක පිරිසිදු කරගත් මුහුණ හා ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න.මිනිත්තු 15-20ක් පමණ වියළෙන්නට හරින්න. පසුව උණුසුම් වතුරෙන් සෝදා ඉවත්කරන්න.තුවායකින් තෙත මාත්තු කරගන්න.දොඩම් පොතු කුඩු වල විටමින් C බහුල නිසා සමේ නීරෝගී හා තරුණ පැවැත්මට අවශ්‍ය කොලැජන් සහ ඉලාස්ටින් වර්ධනයට ඉහළ මට්ටමේ දායකත්වයක් ලබාදේ.තෙල් සහිත සමකට මේවා ඉතාම හොඳින් ප්‍රතිලාභ දේ. සමේ තෙල් ගතිය පාලනය කරයි.බැක්ටිරියානාශක ගුණ ඇති නිසා කුරුලෑකාරක බැක්ටීරියා වලින් බොහෝ දුරට සමට ආරක්ෂාව ලැබේ.සම පිරිසිදු කර පැහැදිලි ස්වභාවයක් ලබාදේ. රෝස වතුර වල සම සුවපත් කරවන හා විSඅබීජ නාශක ගුණ බහුලයි.එම නිසා කුරුලෑ බිබිලි පැතිරීම අඩුකරවයි.සමට හානි නොකර සම හොඳින් පිරිසිදු කිරීමේ හැකියාව රෝස වතුර වලට ඇත.සමේ සිදුරු තුළ ‍රැඳී ඇති අපද්‍රව්‍ය ඉවතට ඇද සිදුරු පවිත්‍ර කරවයි.

4.ටී ට්‍රී අයිස් කියුබ් සත්කාරය

වතුර කෝප්ප 1/2කට කෝමාරිකා මද හෝ ජෙල් මේස හැඳි 3ක් සහ ටී ට්‍රී ඔයිල් බිංදු 8-10ක් එක්කර කළවම් කරන්න.හොඳින් මිශ්‍ර කරගත් පසු අයිස් ට්‍රේ එකකට දමා අධි ශීතකරණයේ තබන්න. දිනපතා උදේ සවස අයිස් කැටයක් බැගින් මුහුණේ අතුල්ලන්න.ටී ට්‍රී ඔයිල් මඟින් සමේ සිදුරු තුළ සිරවී ඇති කුණු දුහුවිලි බැක්ටීරියා ඉවතට ඇද සම ගැඹුරින් පිරිසිදු කරයි.මේවා තනුක නොකර (සැර බාල නොකර) භාවිත කිරීම සමට රළු විය හැකියි. එම නිසා මෙම තෙල් එම තත්වයෙන්ම සමේ ගැල්වීම නොකළ යුතුයි.

5.අර්තාපල් යුෂ

අර්තාපල් ගෙඩියකින් පෙත්තක් කපා කුරුලෑ ඇති තැන තබා ටේප් හෝ ප්ලාස්ටර් කැබැල්ලකින් අලවා ‍රැයක් පුරා තිබෙන්නට හරින්න.මෙසේ කිරීමට නොහැකි නම් අර්තාපල් පෙති සම මත පැය 3-4ක් පමණ තබාගෙන ඉන්න. අර්තාපල් ග්‍රේට් කර එහි යුෂ සමේ ගැල්වීම ද කළ හැකියි.අර්තාපල් වල ඇති පිෂ්ටය සමේ රතුගතිය හා ඉදිමුම අඩුකරයි. විටමින් C බහුල නිසා සමට බොහෝ හොඳ ප්‍රතිඵල ලබාදේ.අඳුරු ලප කැලැල් දුරුකරයි.කුරුලෑ නිසා සමේ කැලැල් ඇතිවීම ද වළකයි.