කෙසෙල් වලින් සමේ රැළි දුරුකරමින් සම තරුණ කරවන සත්කාරයක්
වයස අවුරුදු 30-40 වන විට සම වියපත් වෙමින් පවතින බව පෙන්නුම් කරන ලක්ෂණ වඩාත් කැපී පෙනෙන්නට පටන්ගනියි.විශේෂයෙන්ම, සම රැළි වැටීම,සියුම් රේඛා මතුවී සම ඉරි තැලීම,සම එල්ලාවැටීම,සම අධිකව වියළීයාම වැනි ලක්ෂණ මතුකරයි.සමේ තරුණබව ආරක්ෂා කරගන්න කවුරුත් උනන්දුයි.ඇතැම් අය ඒ සඳහා අධිකව මිල මුදල් වැය කරමින් රූපලාවන්‍ය ප්‍රතිකර්ම හා සැත්කම් පවා සිදුකරගන්නවා.කෙසේවෙතත් සමේ තරුණබව පවත්වාගැනීමට ස්වභාවික ක්‍රම ද බොහෝ ඉවහල් වන බව නවීන අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා. මේ අතරින් බොහෝ දේවල් ඔබේ මුළුතැන්ගෙයින්ම පහසුවෙන් සොයාගත හැකියි. කෙසෙල් කියන්නේත් ඔබේ සමට බොහෝ හිතකර ප්‍රතිලාභ ලබාදෙන එවැනි ස්වභාවික සත්කාරයක්. කෙසෙල් මාස්ක් සත්කාරයක් ලෙස භාවිත කිරීමෙන් ඔබේ මුහුණේ රැළි වැටීම්, වියළි බව, කුරුලෑ, ලප කැලැල් ,අවපැහැය ආදි ගැටලු දුරුකරගත හැකි බව පෙන්වාදෙනවා. මෙම සත්කාරය හරහා සමට හොඳ පෝෂණයක් හා තෙතමනයක් ලැබෙන නිසා සමේ නීරෝගී බව හොඳින් ආරක්ෂා කරගත හැකියි.

කෙසෙල් මාස්ක් එක සකසා ගැනීමට: මේ සඳහා ඕනෑම වර්ගයක හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි භාවිත කරන්න.හැන්දක් ගෙන පොතු ඉවත්කරගත් කෙසෙල් ගෙඩිය පොඩිකරගන්න. මෙය සෘජුව සම මත ගැල්විය හැකියි. මින් සමට වැඩි ප්‍රතිලාභ අත්කරගැනීමට නම්, පහත ආකාරයේ අමුද්‍රව්‍ය වලින් ස්වල්පයක් ද ඊට එක්කරගත හැකියි.
මී පැණි- බැක්ටීරියානාශක ගුණ ඇති නිසා සමට හොඳ ප්‍රතිකාරයකි. සමේ ප්‍රදාහය, ඉදිමුම්, තුවාල, කැසිල්ල,රතුවීම් වැනි ගැටලු පාලනය කරයි. කුරුලෑ,බ්ලැක්හෙඩ්ස් දුරුකරයි.ප්‍රතිඔක්සිකාරක ඇති නිසා සම හානිකර සාධක වලින් ආරක්ෂා කරයි. සම ගැඹුරින් පෝෂණය කරයි.සමට තෙතමනය දී සම සවිමත් කරයි. සම රැළි වැටීම හා එල්ලාවැටීම පලනය කරයි. මීට අමතරව මුදවපු කිරි හෝ යෝගට් හෝ එළකිරි ස්වල්පයක් හා ලෙමන් යුෂ වැනි දෑද මීට එක්කරගත හැකියි. හොඳින් මිශ්‍ර කරගත් පසු, පිරිසිදු කරගත් මුහුණේ මෙම මාස්ක් එක ගල්වා,මිනිත්තු 20-30ක් පමණ තබා, සීතල වතුරෙන් සෝදා ඉවත් කරන්න.මීට අමතරව,කෙසෙල් මාස්ක් එකෙන් ඔබේ සමේ රැළි වැටුණු ස්වභාවය ඉවත්කරන්නේ මෙවැනි ප්‍රතිලාභත් සමට ලබාදෙමිනුයි.

1.සම හානිවීම වළක්වයි
වයසට යන විට අපේ සමේ ස්වභාවික ආරක්ෂක යාන්ත්‍රණය දුරුවල වෙයි.මේ හේතුවෙන් හානිකර මුක්තකණ්ඩ (free radicals) සමේ ඇති කොලැජන් හා නීරෝගී සෛල විනාශ කර දමයි.කෙසෙල් වල සමට හිතකර බොහෝ පෝෂක අඩංගුයි. විටමින් A යනු ඒ අතරින් වැදගත් පෝෂකයක්. මේවායේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති නිසා සමට හානිකරන මුක්තකණ්ඩ වලට එරෙහිව සටන් කරයි. සමේ සෛල ආරක්ෂා කරයි. සමේ පැවැත්මට ඉතා වැදගත් වන කොලැජන් නිෂ්පාදනය වීම වැඩිදියුණු කරයි.සම නැවුම් හා ප්‍රාණවත් කරයි.වයසට යන විට සමේ හටගන්නා රැළි රේඛා දුරුකරයි. කුරුලෑ,සම රතුවීම, හයිපර්පිග්මන්ටේෂන් වැනි කැලැල් තත්වයන්ගෙන් සම ආරක්ෂා කරයි.
2.කෙසෙල් වල විටමින් E අන්තර්ගතයි
මෙම විටමින් විශේෂය සමට වඩාත්ම හිතකර ඒවායින් එකකි.හානිකර අණු මඟින් සමට හානිවීම වළකා සම ආරක්ෂා කරයි.සම හිරු කිරණින් ආරක්ෂා කිරීමට සහය දේ.සමේ ආම්ලික ස්වභාවය ඇතිවීම පාලනය කරයි.සෛල පටල වටා ආරක්ෂක ස්තරයක් මෙන් ක්‍රියාකරන නිසා සමට තෙතමනය ලැබෙයි.සමට ආරක්ෂාවක් ලබාදේ. විටමින් E සමේ ප්‍රදාහය හා ඉදිමුම් පාලනය කරයි.සමේ කැසිල්ල, රතුවීම වැනි අපහසුතා දුරුකරයි.සමේ කැලැල් දුරලයි.
3.සමේ ආතති සලකුණු දුරලයි
ආතතිය හේතුවෙන් සමේ ඇතිවන රැළි වැටීම් stress marks ලෙස හඳුන්වයි.නළල, ඇස් කෙළවර, කට කෙළවර මෙවැනි රේඛා මතුවිය හැකියි. නළල හා නාසය මත කුඩා තිත් මෙන් මතුවිය හැකියි.සම මලානික පැහැයක් ගත හැකියි.මෙම ලක්ෂණ ඔබේ සම ආතතියට-විඩාවට ලක්වී ඇති බව පෙන්නුම් කරයි.කෙසෙල් මාස්ක් එකක් ලෙස සකසා මුහුණේ ගැල්වීමෙන් සමට හොඳ සත්කාරයක් ලැබේ. මැග්නීසියම් බහුල නිසා සමේ විවෘත වී ඇති සිදුරු හැකිළී වැසී යයි.සම හොඳින් පිරිසිදු වේ.මැග්නීසියම් සමේ නව සෛල වර්ධනය වීම උත්තේජනය කරයි.සමට ප්‍රාණවත් බවක් මෙම සත්කාරයෙන් ලැබේ.
4.සමට යකඩ පෝෂණය ලැබේ
කෙසෙල් මාස්ක් එක මුහුණට යෙදීමේදී සමට යකඩ පෝෂක ද හොඳින් ලැබේ. යකඩ සමේ ඇති කුරුඅලෑ,බිබිලි හ ලප කැලැල් දුරුකිරීමට සහය දේ.සමේ නීරෝගී සෛල වර්ධනය වැඩිකරයි.සමේ සිදුරු වසා දමමින් හානිකර අංශු සම තුළට ගමන් කිරීම වළකයි. සමේ රැළි රේඛා ඇතිවීම පාලනය කරයි. සමේ වියළි බව දුරලයි.සමට තෙතමනය උරාගැනීමේ හැකියාව ලබාදේ.සම අධික තෙල් ගතියක් ඇතිවීම ද පාලනය කරයි.සම වියළීම,හිසකෙස් පැසීම හා ගැලවීයාම යකඩ ඌනතාවේ ලක්ෂණ කිහිපයකි.