Lanka Fashion

No 01 Online Fashion Magazine

“මගේ උපන්දිනයට මට ඕන ගොඩක් ආදරේ” 29 වන උපන්දිනය සැමරූ තරින්දි ප්‍රනාන්දු.

තරින්දී ප්‍රනාන්දු කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්.ඇය මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ කැතරින් ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තිබෙනවා. ඒ වගේම මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන ජනප්‍රිය චිත්‍රපටයක් වන ද ගේම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ ඇයයි.

ඉතින් පසුගිය දවසක 29 වෙනි උපන්දිනය සැමරූ ඇය තම උපන්දිනය වෙනුවෙන් අපුරු සටහනක් තබා තිබුනේ මෙලෙසයි.
“Someone asked me what I want for my birthday….I said I want more….. more love….. more laughter…. more peace…. more fun…. more good days than bad…. Simply more”
“කට්ටිය මගෙන් අහනවා මගේ උපන්දිනයට මොනවද ඕන කියලා.මම ඔවුන්ට කිව්වා මට ඕන කරන්නේ තව ආදරය..තව සිනහව..තව නිදහස..තව විනෝදය..නරක දවස් වලට වඩා හොඳ දවස්..”

ඉතින් මේ සුන්දර කලා ශිල්පිනියට සුභම සුභ උපන්දිනකට ආසිරි පතමු.