Lanka Fashion

No 01 Online Fashion Magazine

සංගීත්ගෙන් වෙන් වුන උදාරි කෞශල්‍යාගේ අලුත් පෙම්වතා ව්‍යාපාරිකයෙක්.චායාරුප 30ක්.

උදාරි කෞෂල්‍යා කියන්නේ ඉතාමත් සුරූපී වගේම ප්‍රේක්ෂක ආදරය වැඩි වැඩියෙන් දිනාගත් රංගන ශිල්පිනියක්.ඇය කලා ක්ෂේත්‍රයට පා තැබුවේ දෙරණ නාලිකාවේ විකාශනය වූ අත්තම්මා ටෙලි නාට්‍යයෙනි.ඇය කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර උසස් පෙල වානිජ අංශයෙන් හදාරා ඇය කොළඹ විශ්ව විද්‍යාලයටද තේරි ඇත. මේ කාලයේ ඇයට රංගන සදහ ලැබුණු ආරාධනාවක් භාර ගෙන තමයි ඇය කලා ක්ශේත්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ.

ඉතින් අත්තම්මා ටෙලි නාට්‍යයේ සාරති ලෙසින් කල ලොවට පැමිණි ඇය ටෙලි නාට්‍ය වල මෙන්ම සංගීත වීඩියෝ ගණනාවකත් ඇයව දකින්න ලැබුණා.ඇය නාටක මාරයි නමයහමාරයි, හේලි යන ටෙලිනාට්‍යය වලිනුත් විශාල ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට හැකි වුණා.ඒ වගේම හදාගන්න මේ හිත මාගේ, ඇස් පියන්,අක්කා, මාගේ ලෝකේ, සොරි මයි ඩාර්ලින්,පන මාගේ,ආදරෙයි මං ආදරෙයි වැනි ඉතාමත් ජනප්‍රිය වූ මියුසික් වීඩියෝ සදහා ඇය රංගනයෙන් දායක වී තිබෙනවා.ඇය විවාහ වී සිටියේ අපේ රටේ ප්‍රවීන හා දක්ශ රංගන ශිල්පියෙක් වන සුරංග සතරසිංහගේ පුත් සංගීත් සතරසිංහ සමඟයි.නමුත් ඒ දෙදෙනා ටික කාලයකින් වෙන්වුනා.ඊට පස්සේ ඇය කාලයක් නිහඬව හිටියත් දැන් ඇය නැවතත් කරලියට පැමිණ තිබෙනවා.

මේ වන විට ඇය නැවතත් පෙම්වතියක් වෙලා තියෙනවා කියලා තමයි ඇය කියන්නේ.ඇයගේ නව පෙම්වතා ව්‍යාපාරිකයෙක්ලු. නමුත් ඔවුන් තවම ඔවුන්ගේ විවාහය ගැන හිතලා නෑලු.මේ දින වල උදාරි මුල්ම තැන දී වැඩ කරන්නේ ඇයගේම ව්‍යාපාරයේ වැඩ සදහා කියලත් ඇය පවසනවා.ඉතින් ඇයගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වීමට ප්‍රාර්ථනා කරන ගමන්ම අයගේ සුන්දර චායාරුප පෙළක් නැරඹීමට ඔබට ඉතාමත් ආදරයෙන් ඇරයුම් කරනවා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30