Lanka Fashion

No 01 Online Fashion Magazine

සුරුපී නිලි මහේෂි මධුශංකාගේ Birthday shoot එක.

මහේෂි මධුශංකා කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. මේ වන විට විවාහ වෙලා සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන ඇය පුංචි දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවක්ද වෙනවා. ඉතින් තම ආදරණිය පවුල එක්ක ගෙවන ජීවිතය ගැන ඇය පවසන්නේ මෙලෙසයි. “අපේ චූටි දුවගේ නම කෙනුලි කුලසඳි කුමාරි දිසානායක. දැන් චූටි දුවට වයස අවුරුද්දයි මාස හතයි. චූටි දුවට අයියා කෙනෙකුත් ඉන්නවා. අපේ පුතාගේ නම තෙනුල් ආරාධ්‍ය ලංකා දිසානායක.අපේ දරුවන්ට ළමා කාලෙදි විඳින්න ඕනෙ හැමදේම විඳින්න ලැබෙන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ. කොවිඩ් ආවට පස්සෙ අපේ දරුවනුත් ගෙවල්වලට හිරවෙලයි හිටියේ. දැන් වුණත් අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි හරි අසරණවෙලා ඉන්නෙ. ඕනෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ”අපිට නොලැබුණු දේවල් දරුවන්ට දෙන්න ඕනෙ” කියලයි හිතන්නෙ. නමුත් අපි විඳපු ඒ ළමා කාලය අපේ දරුවන්ට දෙන්න බැරි තත්ත්වයක් තමයි අද රට තුළ උදාවෙලා තියෙන්නෙ. අපිට ඉස්සර වගේ දරුවන් ආසා තැන්වලට ඒ අය ගෙනියන්න බැරිවෙලා තියෙනවා. කෙනුලි මට හිතෙන විදිහට හරි දක්ෂ දරුවෙක්. හරි ක්‍රියාශීලියි. ඒ වගේම හරි සංවේදී දරුවෙක්. මුලින්ම අපිට ලැබුණේ පුතා. අපිට දුව ලැබුණට පස්සෙත් එයා චූටි කාලෙදි කොහොමත් කිසිම දෙයක් තේරුණේ නැහැ. ඉතින් අපි හැමවෙලේම මූලික තැන දුන්නෙ අපේ පුතාටයි. ”නංගි ඔයාගේ.. ඒ නිසා ඔයා නංගිව බලාගන්න” කියලා පුංචි වගකීමක් දුන්නට පස්සෙ පුතා හරි උනන්දුවෙන් නංගිව බලාගත්තා. එයා නංගිට ආදරේ කරන්න පටන් ගත්තා. අපේ ගේ ඉස්සරහ පාරේ හිටියත් එයා නංගිව බලනවා. වාහන එනවද කියලා බලනවා. තනියම වුණත් අයියා එක්ක දාලා යන්න පුළුවන්. ඒ තරමටම වගකීමක් දරන්න පුළුවන් අයියා කෙනෙක්. නංගිට එයා හරිම ආදරෙයි. ඒ දෙන්නා අතරේ හරි අපූරු බැඳීමක් තියෙනවා. නංගිත් අයියට හරි ආදරෙයි. ඉඳලා හිටලා සෙල්ලම් බඩු බෙදාගන්න බැරිව පොඩි රණ්ඩුත් ඇතිවෙනවා. හැබැයි ඒක හරි පොඩි වෙලාවකට විතරයි.ඇත්තම කිව්වොත් මුලින්ම චූටි දූ කිව්වෙ ‘තාත්තා’ කියලයි. ඊට කලිනුත් අඬද්දි ‘අම්මා’ කියලා ඇහිලා තියෙනවා. හැබැයි දූ හරියට උච්චාරණය කළේ ‘තාත්තා’ කියලයි.සමහර අවස්ථාවලදී ඒ නිසාම අපිට බය හිතුණු වෙලාවලුත් තිබුණා. එයාව අල්ලද්දි වුණත් නංගිට රිදෙයිදෝ කියලා අපිට හිතුණා. ඒ නිසා පුළුවන් තරම් චූටි දුවව ඇඳේ තියලා මම, මගේ සැමියා හරි එයාගේ අච්චි හරි ළඟ ඉන්නකොට දුවව අල්ලන්න ඉඩ දුන්නා. හැබැයි දැන් වෙද්දි ඒ දෙන්නා හරිම ආදරෙයි. සමහර දවස්වලට අයියව උදේට ළදරු පාසලට යවන්න, ඇරවාගන්න ටිකක් අමාරුයි. ඒ වෙලාවට අපි නංගිව කොට්ටෙකට අරගෙන ඇඳේ අයියා ළඟින් තියනවා. අයියා එයාව නංගි උදේට ඇහැරවනවා නම් හරි ආසයි. නංගි ඇඳේ ඉන්න අයියව අතගාලා ඉඹලා ‘අයියා’ කියද්දි අයියට හරි ආසයි. ඒ වගේම නංගිව ඇහැරවාගන්න බැරි වෙලාවට අපි ඒ වැඩේ අයියට බාර දෙනවා. ඒ දෙන්නට දෙන්නා උදේට දැකගන්න හරි ආසයි.”

ඉතින පසුගියදා තම උපන්දිනය සමරු මහේෂි හරිම ලස්සන birthday photo ෂූට් එකක් කරලා තිබුනේ මේ විදිහටයි.ඉතින් ඇයට සුභම සුභ උපන්දිනයකට සුභ පතමු.