Lanka Fashion

No 01 Online Fashion Magazine

රටේම ආදරය දිනාගත් පුංචි තරුව ලෝචිගේ සුන්දර චායාරූප 30ක්.

ලෝචි කිව්වම දැන් අපේ රටේ නොදන්නා කෙනෙක් තරමටම ජනප්‍රිය තරුවක්.ඇය tiktok වලින් කලා ලොවට පෑයූ තරුවක් වුනත් ඇය දක්ෂ නිවේදිකාවක්,රංගන ශිල්පිනියක්,මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙසින් කටයුතු කරනවා.ඇය නමින් ලෝචනා ජයකොඩි.

ඇය හැමවෙලේම සතුටින් හිනාවෙලා ඉන්නවා අපිට පෙනුනත් අම්මා නැති පවුලක වැඩිමහල් අක්කා විදිහට නංගිලා දෙන්නවත් බලාගෙන බොහෝ වගකීම් අතැතිව ජිවත් වෙන කාන්තාවක් බව කිව්වොත් බොහෝ දෙනෙකු විශ්වාස නොකරාවි.නම් එය සත්‍යයක්.ඇත්තෙන්ම ඇය දිරිය කාන්තාවක්.

ලෝචනාට ගොඩක් අය ආදරේට කතා කරන්නෙ ලෝචි කියලයි.රංගනයට කිසිදු සම්බන්දයක් නැති පවුල් පසුබිමක් තිබෙන ලෝචි මේ වෙතත්වයට පැමිණ තිබෙන්නේ තමන්ගෙම උත්සහයෙන් හා මහන්සියෙන්.ඇගේ ගම තමයි පිලියන්දල.ඇය මුලික අධ්‍යාපනය පිලියන්දල කණිෂ්ඨ විද්‍යාලයෙන් ලබා ඉන්පස්සෙ කැස්බෑව ධර්මසේන විද්‍යාලයට ඇතුලත් වෙලා තියෙනවා.ඊටත් පසු උසස්පෙල හදාරන්න ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයට ඇතුලත් වෙලා තියෙනවා.

ඉතින් මේ දවස් වලනම් ලෝචි ගෙදර ඉදන් බලු සුරතලුන්ගේ ආදරය මැද ඔවුන්වත් බලාගෙන ජිවත් වෙනවා.ඇයට පුංචි බලු සුරතලුන් හතරදෙනෙක් ඉන්නවා.ඉතින් මේ පුංචි කෙල්ලගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවායැයි ප්‍රාර්ථනා කරන ගමන්ම අයගේ සුන්දර චායාරුප පෙළක් නැරඹීමට ඉතාමත් ආදරයෙන් ඇරයුම් කරනවා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30