Lanka Fashion

No 01 Online Fashion Magazine

ටැටූ එකක් කලාට පස්සේ දැන ගත යුතු දේවල්

ටැටූ කියන්නේ විලාසිතාවක්. ටැටූ කියන දෙයක් එකිනෙකාට අනුව වෙනස් වෙනවා. සමහරක් මෙය නරක විදියටත් තවත් සමහරක් කලාවක් විදියටත් දකිනවා. ඉතින් ඒ කොහොම වුණත් ටැටූ කියන දේ මේ වන විට අපේ සමාජය තුළ සාමාන්‍ය දෙයක් වෙලා. බොහෝ තරුණ පිරිස් ටැටූ විලාසිතාවට බෙහෙවින්ම ප්‍රිය කරනවා. ඉතින් මෙය පිරිමි පාර්ශවයන්ට කියලා වෙනසක් නෑ. අද සමාජයේ තරුණියන් පවා ටැටූ විලාසිතාවට ප්‍රියකරනවා.

ඉතින් ටැටූ එකක් කල විට ඒ ගැන දැනගත යුතු සහ පසුව අපි කල යුතු දේවල් කිහිපයක් තියෙනවා. මුලින්ම අපි බලමු ටැටූ එකක් කියන්නේ මොකද්ද කියලා. සම මත රටාවක් ඇදලා ස්ථර දෙකක් සිදුරු කරලා ඒකට වර්ණක යෙදීම තමයි ටැටු කරනවා කියන්නේ. ඉතින් ටැටූ එකක් කරන තැන තෙතමනය තියෙයි නම් වඩාත් හොදයි. එම නිසා ටැටූ එක කරන්න කලින් ටැටූ කරන්න හිතාගෙන ඉන්න තැන මාසෙකට පමණ කලින් මොයිස්චර්රයිසින් ක්‍රීම් වර්ගයක් ගාන්න ඕන.

ටැටූ එක කලාට පසු එය සුවවෙනකම් ඒ මත කසන්න සූරන්න හොද නැහැ. ඒ වගේම එම ස්ථානයට විෂ බීජ යා හැකි බැවින් තමන් භාවිතා කරන ඇදුම්, තුවා, බෙඩ් ශීට් පවා පිරිසිදුව තබා ගත යුතුයි. ටැටූ එක හිර වන සේ ඇදුම් අදින්න හොද නැහැ. යම් ආසාදන තත්වයකට පත් වුණොත් වෛද්‍යවරයෙක් හමු විය යුතුයි.

ටැටූ එක ගහලා නිවසට පැමිණි විට එහි තෙතමනය රැක ගන්න වැස්ලින් වගේ දේවල් භාවිතා නොකල යුතුයි. එවිට එහි වර්ණය අඩුවෙන්න පුලුවන්. ඒ නිසා ටැටූ වෙනුවටම භාවිතා කරන ක්‍රීම් එකක් ගෑම සුදුසුයි.

ටැටූ එකක් කරලා ඉන් පසුව එය සුව වෙන කාලෙදි හිරු එළියට නිරාවරණය කරන්න හොද නැහැ. එවිට එහි පැහැය, හැඩය වෙනස් වෙන්න පුලුවන්. ටැටූ එකක් ගහලා සති හතරක්වත් යනකම් පිහිනුම් තටාකවල, මුහුදේ, ඇළ දොලවල්වල නාන්න යන්න හොද නැහැ.

මේ විදියට ටැටූ එකක් කරනවිට ඉහතින් සදහන් කරුණු සලකා බලා ක්‍රියා කලහොත් අපිට ලස්සන නිමාවකින් යුත් ටැටූ විලාසිතාවක් ලබා ගන්න පුලුවන්.