Lanka Fashion

No 01 Online Fashion Magazine

“ජීවිතය හරි සුන්දරයි.මේ රටේ ඉපදෙන්න පිනක් තියෙන්න ඕනේ.”

මේ දිනවල ඉතාමත්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ගීතිකා රාජපක්ෂ කියන්නේ. මේ දිනවල ITN නාලිකාවේ විකාශනය වන මිනු ටෙලි නාට්‍යයෙන් ඇය පෙ ආලින්දයට එනවා. ඒ වගේම ද ගේම් චිත්‍රපටයෙත් චරිතයක් ඇය නිරුපනය කරනවා.ඒ ගැන ඇය මේ විදිහට පවසා තිබුනා.“මගේ රංගන දිවියේ සිනමාවේ රඟපාන ප්‍රථම චරිතය තමයි the game චිත්‍රපටයේ රඟපාන්නේ. ඊට කලින් මට අවස්ථා ලැබුණත් සුරංග ද අල්විස් අයියගෙ නිර්මාණයක තමයි මට සිනමාවට එන්න ලැබුණේ. ගේම් චිත්‍රපටිය තෝරාගෙන තියෙන කතාව හරිම ලස්සනයි. පසුගිය කාලසීමාව තුළදී රටේ සිද්ධ වූ සිදුවීම් අල්ලලා තිර රචනය ලියා තිබෙනවා. මම හිතන්නේ අත්දැකීම් එක්ක ජීවිතය එදාට වඩා අවබෝධ කරගෙන ඉන්න බව මට හැඟෙනවා. ජීවිතය හරි සුන්දරයි. ලොකු ලොකු බලාපොරොත්තු මට නැහැ නිර්මාණයකට දායක වෙලා මුලින්ම මම ඒ නිර්මාණය රස විඳිනවා. ලස්සන නිර්මාණ වලට දායක වෙලා ප්‍රේක්ෂක ආදරය ලැබීම කියන්නේ වෙනස්ම හැඟීමක්. මාක්ස් එකක් දාගෙන ගියත් මිනිස්සු අපිව අඳුනගෙන කතා කරනවා කියන්නේ ලොකු ආත්ම තෘප්තියක්”

ඒ වගේම මේ රටේ ඉපදුනේ පෙර පිනකට බවත් ඇය පවසා තිබුනා. “සමහරු හිතන්න පුළුවන් පෙර පවකට මේ රටේ උපන්න කියලා. හැබැයි මම නම් හිතන්නේ මේ රටේ ඉපදෙන්න පිනක් තියෙන්න ඕනේ. රට කොහොම වුණත් අපි කටයුතු කරන විදිය එක තමයි අපේ ජීවිත වලට ආලෝකය ලැබෙන්නේ”