Lanka Fashion

No 01 Online Fashion Magazine

“තමන්ට තමන්වම සොයාගැනීමේ නිදහස මට ඒකාලේ ඉඳන්ම වුවමනාවෙලා තිබුණා.ඒ නිදහස මට කලාව තුළින් ලැබුණා.” චමත්කා ලක්මිණි

චමත්කා ලක්මිණි කියන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් වන හුස්ම චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු රංගන ශිල්පිනියක්.ඇය ප්‍රේක්ෂකයින් අතර මුලින්ම ජානප්රිය වුනේ දැනට අවුරුදු 6කට පමණ පෙර ඉරාජ්ගේ ගිනියම් රෑ මියුසික් වීඩියෝවේ සමරිසි තරුණියකගේ චරිතයක් නිරුපනය කිරීමත් සමඟයි. ඉතින් ඒ කාලයේ සමාජයේ ආන්දෝලනාත්මක කතා බහක් ඇති කල ඇය මේ වෙද්දී බිරිඳක් වගේම මවක්. ඉතින් ඇය මේ දිනවල ගෙවන ජීවිතය ගැන පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.“මේ දවස්වල ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ පෝලිම්වලයි. ඊට අමතරව වැඩ ටිකකුත් කරනවා. කරන්න තිබුණ වැඩ කිහිපයක්ම මේ රටේ පවතින තත්ත්වයත් එක්ක පස්සට ගියා. කලණ ගුණසේකර එක්ක කරපු පියාඹන්න ආයෙත් චිත්‍රපටය තිරගත වීමට නියමිතව තියෙනවා. අජිත් ධර්මසූරියගේ වර්ණ නම් චිත්‍රපටයත්, තිරගත වීමට සූදානමින් ඉන්නවා. ඊට අමතරව බාරගත්තු චිත්‍රපට දෙකක් රෑගත කරන්නට සූදානමින් ඉන්නවා.”

කොහොම වුනත් ඇය පුංචි කාලේ නම් හිතං ඉඳලා තියෙන්නේ වෛද්‍යවරියක් වෙන්නයි.ඒ ගැනත් ඇය මේ විදිහට පවසා තිබුනා.“පුංචි කාලේ මගේ හීනය වුණේ වෛද්‍යවරියක් වීමයි. ඒක ඉතින් ගොඩාක් දරුවන් දකින හීනයක්නේ. මම පොඩි කාලේ දැක්කේ කලාවට යොමුවුණ පරිසරයක්. මගේ ලොකු තාත්තා සහාය අධ්‍යක්ෂවරයෙක්. මගේ තාත්තත් කලාවට සම්බන්ධයි. ඒ පරිසරය මම දැක්කා. තමන්ට තමන්වම සොයාගැනීමේ නිදහස මට ඒ කාලේ ඉඳන්ම වුවමනා වෙලා තිබුණා. ඒ නිදහස මට මේ කලාව තුළින් ලැබුණා.මම ගෙදර එකම ළමයා. මගේ ඥාති සහෝදරයන් පවා හිටියේ අයියලා. මම ගෙදරට හරි කීකරු දරුවෙක්. එළියට ගියාට පස්සේ දඟයි. ඉස්කෝලේදී ඉගෙනීම හොඳ වගේම ගුටිකන කණ්ඩායමේත් හිටියා. ක්‍රීඩා කළා. මම අම්මට හොඳ කීකරු දුවෙක්. ගෙදර තනියම හැදුණ ගෑනු ළමයෙක්.මගේ ළමා කාලය ඇත්තටම සුන්දර නැහැ. මගේ අම්මයි, මායි ජීවිතේ ගොඩාක් දුක් විඳපු දෙන්නෙක්. මාව මේ තැනට ගේන්න මගේ අම්මා ගොඩාක් දුක් වින්දා. ආර්ථික ප්‍රශ්න ගොඩාක් තිබුණ. තාත්තා අම්මගෙන් වෙන්වෙලයි හිටියේ. අම්මා තරුණ ගෑනු කෙනෙක් විදිහට. මාව හදාගන්න සෑහෙන්න කැප කිරීමක් කරපු කෙනෙක්. දැන් තමයි එයා එයාගේ ජීවිතේ පොඩ්ඩක් විඳින්නේ. දැන් අම්මා ඉන්නේ ඉතාලියේ. එයා අද ජීවිතේ වින්දට එදා මම වෙනුවෙන් එයා එයාගේ ජීවිතේ ගොඩාක් විඳවන්න ඇති.”

ඒ වගේම ඇය ඇයගේ ආදරණිය සැමියා ගැනත් මේ විදිහට පැවසුවා.“මගේ සැමියා මිථිල මුහන්දිරම්. අපිට අවුරුදු දෙකහමාරක චූටි පුතෙක් ඉන්නවා. එයාගේ නම බිනෝල් අග්‍ර මුහන්දිරම්. චූටි පුතාට පුංචි කාලේදීවත් මගෙන්වත් යැපෙන්න ඕන නැති විදිහට එයාට හැදෙන්න නිදහස ලබා දීලයි තියෙන්නේ. මේ ලෝකය දැක්ක දවසේ ඉඳන් එයා පුළුවන් තරමක් එයාගේ වයස මට්ටමටත් වඩා එයා තනියම එයාගේ වැඩ කරගන්න උත්සාහ කරන දරුවෙක්. අදටත් මම කවනවාට වඩා එයා තනියම එයාගේ බත් ටික කනවා. පොල් සම්බෝලයි බතුයි වුණත් මගේ අවුරුදු දෙකහමාරේ දරුවට කන්න පුළුවන්. ඒ තත්ත්වයට මම මගේ දරුවව හදලයි තියෙන්නේ. මගේ ළමයාට කොළඹ හොඳ පාසලක් ලැබුණේ නැත්නම් ගෙවල් ළඟ ඉස්කෝලෙට දාන්න මට පුළුවන්. ඒ දරුවාට හොඳ පරිසයක් මම ගෙදර හදලයි තියෙන්නේ. ඒ නිසා බොහෝම නිදහසේ දරුවව හදන්න මම ආසයි.”