Lanka Fashion

No 01 Online Fashion Magazine

දිනිතිගේ Birthday එක වෙනුවෙන් සංගීත් එක්ක කල ආදරණිය birthday Shoot එක.

දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂක ආදරය දිනාගත් ආදරණිය යුවලක්. ඉතින් මේ දෙන්නගේ ආදරය ගැන නොයෙකුත් කටකතා කලක සිට පැතිර ගියත් ඒ ගැන දිනිති මුලින් අදහස් දක්වා තිබුනේ මෙලෙසයි.“සංගීත්ගේ යූටියුබ් චැනලයට සම්බන්ධ වීම වගේම ඔහුගේ පවුල හා සමීප සම්බන්ධයක් පැවැත්වීම මේ පුවතට පාදක වෙන්න ඇති. අපි හොඳම යාළුවෝ. යාළුකමටත් එහා ගිය බැඳීමක් අප අතරේ තියෙනවා කිව්වත් හරි. එයාට මං නැතුවත් බෑ. මට එයා නැතුවත් බෑ. ඒත් අපි දෙන්නට දෙන්න ආදරෙයි කියලා කියාගෙන නෑ. එයා මගෙන් අහලත් නෑ. මං එයාට කියලත් නෑ. අපි අතරේ හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. මං එයාලගේ ෆැමිලි එකත් එක්කත් ගොඩක් සමීපයි. ඒ ලැබෙන ආදරේ ළඟඳි මට තනිකමක් දැනෙන්නෑ.විවාහයකට යද්දි හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි අතරේ හොඳ අවබෝධයක්, ගැළපීමක් තියෙනවා. ඉදිරියේ දී එහෙම දෙයක් වෙන්නත් පුළුවන්.”

කොහොම වුනත් පසුගිය දවසක සංගීත් වොල්ග්ස් යූ ටියුබ් චැනලයේ Q & A වීඩියෝවක් මඟින් ඔවුන්ගේ ආදරයේ සියලු තොරතුරු තම ආදරය රසිකයින්ට පවසා තිබුනා. ඒ වගේම පසුගියදා යෙදී තිබුණු දිනිතිගේ උපන්දිනය වෙනුවෙන් සප්‍රයිස් පාර්ටි එකක් ලබා දීමටත් සංගීත් අමතක කලේ නැහැ.ඒ වගේම දිනිතිගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන ආදරණිය ෆොටෝ ෂුට් එකක් කර තිබුනේ මේ විදිහටයි.ඉතින් දිනිතිට සුභම සුභ උපන්දිනයට සුභ පතන ගමන්ම හරිම ආදරයෙන් සතුටින් කාලය ගත කරන මේ යුවලට හැමදාමත් මේ වගේම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවායි ප්‍රර්ථනා කරමු.