Lanka Fashion

No 01 Online Fashion Magazine

අපේ ආදරේ ගැන හංගන්න වුවමනාවක් අපිට තිබ්බේ නෑ, වෙඩින් එක චාම්ව ගන්න හිතන් ඉන්නේ

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා බෙහෙවින් ජනප්‍රිය චරිතයක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ. අසනීප තත්වයක් නිසා මේ දිනවල විවේකීව ඉන්න දිනිති වෘත්තීමය ගුවන් සේවිකාවක් විදියට වැඩ කටයුතු කරනවා. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් විදියට වැඩ කටයුතු කරනවා. පොඩි කාලේ ඉදලම කලා පසු බිමක හැදී වැඩුණු දිනිති මේ වන විට ටෙලිනාට්‍යය හා සිනමාව තුළ කැපී පෙනෙන චරිතයක්.

සමාජ මාධ්‍යයේ කැපී පෙනෙන ආදර යුවළක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ. සංගීත් ව්ලොග්ස් හරහා දිනිති සහ සංගීත් කරන පින්කම් වැඩ ප්‍රේක්ෂක අපිට දැක බලා ගන්න පුලුවන්. හොදම යාලුවෝ වෙලා හිටපු සංගීත් සහ දිනිති එකිනෙකාගේ අවබෝධයෙන් යුතුව තමයි පසුව ආදරවන්තයින් බවට පත් වෙන්නේ. විවාහය සහ ආදරය ගැන මේ විදියටයි දිනිති පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ.

” මමයි සංගීත් අතර තිබුණු සම්බන්ධය කාටවත් හංගන්න අපට වුවමනාවක් තිබුනෙ නෑ. අපි මුලින්ම හොදම යාලුවෝ වෙලා එකිනෙකා ගැන හොද අවබෝධයක් ඇතුව තමයි ආදර කතාව පටන් ගත්තේ. අපි දෙන්නට දෙන්නා හොදින්ම තේරුම් අරන් මේ සම්බන්ධය කර ගෙන යන්නේ. අපේ අම්මලා තාත්තලාගේ කැමැත්ත ඇතුව තමයි මේ සම්බන්ධය කරගෙන යන්නේ. අපි දෙන්නම හරිම කැමතියි අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න.

සංගීත් ඒ දේට ගොඩක් කැමතියි. ඒ නිසාම අපි දෙන්නා කරන්නේ අහිංසක මිනිස්සුන්ට උදව් උපකාර කරනවා. අපේ වෙඩින් එක චාම්ව ගන්න තමයි හිතන් ඉන්නේ. ලොකුවට උත්සව ගන්න අපි දෙන්නම කැමතිනෑ. බොරුවට සල්ලි වියදම් කරලා පාටි ගන්නවට වඩා අහිංසක මිනිසෙක්ට උදව් කරන්න මම කැමතියි.”