Lanka Fashion

No 01 Online Fashion Magazine

ගුවන් විදුලියේ ළමා පිටිය හරහා තමයි කලාවට එන්නේ – ජයකොඩි පරම්පරාවේ මුල් පුරුක ගීතා කාන්ති ජයකොඩි

ගුවන් විදුලියේ ළමා පිටිය වැඩ සටහන හරහා කලා ක්ශේෂ්ත්‍රයට ඇවිත් මේ වන විට වේදිකාව, ගුවන් විදුලිය, පුංචි තිරය කියන මේ ක්ශේෂ්ත්‍රයන් සියල්ල තුළම තම රංගන හැකියාවන් මැනවින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ ඇය තමයි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් වන ගීතා කාන්ති ජයකොඩි කියන්නේ. ඇය රංගනයෙන් දායක වුණු පළමු ටෙලිනාට්‍යය තමයි ‘රන් දොරටුව’ ටෙලිනාට්‍යය.

ඉතින් පසුගිය දා ගීතා කාන්ති ජයකොඩි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය දැක ගන්න ලැබුණා හිරු නාලිකාවේ විකාශය වෙන මෑත කාලීනව ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යය හරහා. ඉතින් දිවිතුරා හී වෙනස්ම චරිත රංගන විලාශයක් පෙන්නුම් කරපු ඇය ක්ශේෂ්ත්‍රයට පැමිණෙන්නේ ගුවන් විදුලිය හරහා.

ඉතින් කලා ක්ශේෂ්ත්‍රයේ දැක ගන්න සිටින දක්ෂ කලා ශිල්පීනි කිහිප දෙනෙක්ම මේ ජයකොඩි පරම්පරාවෙන් ආ අයයි. මෙහි මුල් පුරුකක් විදියට ක්ශේෂ්ත්‍රය තුළ රැදී සිටීමට හැකිවීම ගැන ඇයට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. ඉතින් මුවන්පැලැස්සේ සපුමලී විදියට රගපාන්නත් ඇයට අවස්ථාව ලැබුනා. ඉතින් ඒ ගැන මේ විදියටයි ගීතා කාන්ති ජයකොඩි අදහස් දක්වලා තිබුණේ.

” මම ක්ශේෂ්ත්‍රයට ආවේ ගුවන් විදුලියේ ළමා පිටිය වැඩ සටහන හරහා. ඒ දිනවල අනෙක් වැඩ සටහන්වලට තෝරා ගත්තේ පරීක්ෂණයක් හරහා. සුදු ඇදුමින් ගුවන් විදුලියට යන මාව දැකලා තමයි කැළණි පාලමට මට අවස්ථාව ලැබෙන්නේ. කැලණි පාලම තමයි මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනේ.’’

මේ විදියටයි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩි ඇගේ අදහස් දක්වලා තිබුනේ.