Lanka Fashion

No 01 Online Fashion Magazine

සැමියා මට වඩා අවුරුදු 6ක් වැඩිමහල්, මම මගේ වයස 20ට වඩා මුහුකුරා ගිහින් ඉන්නේ

සුජාතා ටෙලිනාට්‍යයේ ළමාචරිතයකට රංගනයෙන් දායක වුණු ඒ ලමා රංගන ශිල්පිනිය තමයි හර්ෂි රසාංගා කියන්නේ. මේ වන විට ඇය ආදරණීය පෙම්වතිය විදියට පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ඒ හිරු නාලිකාවේ ‘ළංවී’ ටෙලිනාට්‍යයේ. ඉතින් අහම්බෙන් කලා ක්ශේෂ්ත්‍රයට ඇවිත් මේ වන විට රසික ප්‍රතිචාර බෙහෙවින් ලබා ගන්නට ඇය වාසනාවන්ත වෙලා තියෙන්නේ.

ඉතින් තවම වයස අවුරුදු 20 ක් වුණත් ඊට වඩා මුහුකුරා ගිහින් නිසා ප්‍රේක්ෂකයන්ගේ චෝදනාවන්ට හසු වෙන හර්ෂි පසුගොය දා විවාහ දිවියට පත් වුණා. ඒ ගුවන් සේවයේ නියුතු මහේන් අනුරාධ කියන තරුණයෙක්. ඉතින් ඔහු ගැන සහ හර්ෂි පටන් ගත්ත අලුත් ජීවිතය ගැන මේ විදියටයි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මහේන් මාව ඉන්ස්ටග්‍රෑම් ෆලෝ කරලා. මම දාපු ඉස්ටෝරියකට එයා අමුතු විදියකට කමෙන්ට් කලා. ඉතින් ඒ විදියට මැසේජ් කරලා තමයි අපි දෙන්නා කතා බහ කලේ. මම කිව්වා අපේ ගෙදරින් අහන්න කියලා. මම රගපානවා කියලා එයා දැනගෙන ඉදලා තියෙන්නේ. නමුත් මම රගපාපු නාට්‍යය බලලා තිබුණෙ නෑ.

එයා මට වඩා අවුරුදු 6 ක් වැඩිමහල්. මම එයාව විවාහ කරගත්තේ මට එයා එක්ක එකට ජීවත්වෙන්න පුලුවන් කියන හැගීමත් එක්කයි. මහේන් මට උදව් කරයි. ඒ විශ්වාසය මට තියෙයි. එයා කවදාවත් මට කියලා නෑ රගපාන්න එපා කියලා. එයා කැමතියි මම ලස්සනට ඇදලා ඉන්නවට. මම එයාව බැන්දේ අධ්‍යාපනය සදහා කටාර් යන්න. ‘’

මේ විදියටයි හර්ෂි රසාංගා ඇගේ අදහස් දක්වලා තිබුනේ. ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.