Lanka Fashion

No 01 Online Fashion Magazine

මාව හදාගත්තේ මගේ අක්කලා දෙන්නා පොඩි අක්කා නැති වුණ එක මට මගේ ජීවිතේට අමතක කරන්න බෑ

පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබා ගත්ත දක්ෂ රංගන ශිල්පිනියක් තමයි හිමායා බණ්ඩාර කියන්නේ. ගොඩක් දෙනෙක් ඇයව දන්නේ සොනාලි ටීච කියලයි. දෙරණ නාලිකාවේ ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ‘දෙවෙනි ඉනිම’ කියන්නේ. මේ ජනප්‍රිය ටෙලිනාට්‍යය හරහා සොනාලි ටීච විදියට කාගේත් ආදරය ලබා ගත්තේ ඒ ආදරණීය රංගන ශිල්පිනියයි.

මේ විදියට ඉතාම කෙටි කාලයකින් කාගේත් ආදරය ලබන්නට වාසනාවන්ත වුණු ජනප්‍රිය රංගන ශිල්පිනී හිමායා සමාජ මාධ්‍ය හරහානම් ඉතාම සක්‍රීය චරිතයක්. ඇය නිතරම ඇගේ අලුත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ඇගේ රසිකයන් සමගින් බෙදා ගන්නවා. ඉතින් හිමායා පසුගිය දවසක එක්තරා රූපවාහිනී නාලිකාවකදී ඇගේ ජීවිතයේ සංවේදී සිදුවීමක් කියලා තිබුණේ මේ විදියටයි.

” මාව හදාගත්තේ මගේ අක්කලා දෙන්නා. එතනින් පොඩි අක්කා ලියුකේමියාව හැදිලා නැතිවුණා. ඉතින් එයා නැති වුණ එක ගැන මට කවදාවත් මගේ ජීවිතේ අමතක කරන්න බැරි දෙයක්. ජැම මොහොතකම ඒක මට මතක් වෙනවා. අක්කා හිටියේ අනුරාධපුරේ. ඒ වසංගත කාලේ. මම පොලිසියට ගිහින් වැදලා ඉල්ලුවා මට යන්න දෙන්න කියලා. නමුත් එයාලා මට යන්න දුන්නෙ නෑ. අක්කලා මට ගෙදරට කියන්නෙ මැණිකෙ. අක්කා මම එනකම් බලන් ඉදලා. එයාගේ අවසන් තප්පරෙත් එයා කියලා මැණිකෙ මාව බලන්න එනවද කියලා. මට ඒ මොහොත කියා ගන්න බෑ. අමතක කරන්නම බෑ මගේ ජීවිතේ.’’

මේ විදියටයි හිමායා ඇගේ සහෝදරියගේ සමු ගැනීමත් එක්ක සංවේදි වෙලා තිබුණේ. ඉතින් හිමායගේ පොඩි අක්කට නිවන් සුවයම අපි ප්‍රාර්ථනා කරමු.