Lanka Fashion

No 01 Online Fashion Magazine

මාධවි ලැබිලා මාස 3ක් යනකම් මම එයා දිහා බලාගෙන හිටියා, එයාට බැරිදෙයක් නෑ

අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දැවැන්තම චරිතයක් විදියට ජැක්සන් ඇන්තනීව හදුන්වන්න පුලුවන්. ඔහු දැනුම් සම්භාරයක් පිහිටා තිබෙන ප්‍රවීනතම රංගධරයෙක්. වේදිකාව, සිනමාව තුල විවිධ පෙළහර පාපු අති දැවැන්තයෙක් වන ජැක්සන් ඇන්තනී ගැන පසු ගිය දා වැඩි දුරටත් කතා බහ වෙන්නට වුණා. ඒ ඔහු හදිසි අනතුරකට ලක් වුණු නිසා. හැමෝගෙම ආශිර්වාදයන් මැද තවමත් ප්‍රතිකාර ලබන ඔහුගේ පවුලම කලාවට සම්බන්ධයි.

ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිද තමයි කුමාරි මුණසිංහ කියන්නේ. ඇයත් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායන හැකියාවත් තියෙන කෙනෙක්. ඔවුන්ගේ දරුවන් තිදෙනාම පුංචි තිරය, සිනමාව මේ හැම අංශයකම දස්කම් පාන ජනප්‍රිය කලා ශිල්පීන්. අකිල ධනුද්දර, මාධවී වත්සලා සහ සජිත අනුත්තර කියන මේ තුන් දෙනාම මේ වන විට ප්‍රේක්ෂක අපි කවුරුත් දන්න ජනප්‍රිය කලා කරුවන්. ඉතින් කුමාරි මුණසිංහ මාධවීව පළමුවෙන්ම දුටු දවසේ දැණුනු හැගීම ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම දුව හම්බවෙලා මාස තුනක් යනකම් එයා දිහා බලන් හිටියා. එයාඒ හිනාව මුහුණේ ඉරියව් මේ හැම එකක්ම වෙනස් වෙනවා මට හොදට තේරෙනවා. මම හිතන්නේ මම බලාපොරොත්තු වුණ දරුවා තමයි ඒ. එයාට බැරි දෙයක් නෑ. මම ලේබර් රූම් එකෙන් එලියට ඇවිත් ඇදේ ඉදගත්තම මගේ කකුල් දෙක උඩින් දුවව තිබ්බම එයාගේ උණුහුම මට පලවෙනි වතාවට ඒ වෙලාවෙයි දැනුනේ.’’

පවුලට ගොඩක් ආදරය කරන දියණියක් විදියට මාධවී වත්සලා ගැන කුමාරි මුණසිංහ ඒ විදියටයි අදහස් දක්වලා තිබුනේ. ඉතින් ඇය කියන්නේ ඇගේ දරුවන් තුන් දෙනා සහ ඔවුන්ගේ ජීවිත වලට එකතු වුණු සහකරුවන් ඇතුළු සියලු දෙනාම ජැක්සන් ඇන්තනී වෙනුවෙන් සුව ප්‍රාර්ථනා එක් කරනවා කියලයි. ඉතින් එතුමාණන්ට අපිත් ඉක්මන් සුව ප්‍රාර්ථනා එක් කරන්නෙමු.