Lanka Fashion

No 01 Online Fashion Magazine

ආදරේ කරපු කෙනා මට වඩා බාල නිසා ගෙවල්වලින් කැමති නෑ මම ආදරෙන් පැරදිලා ඉන්නේ

සදුන් රාජකරුණාගේ ටෙලිනාට්‍යයක් තමයි ‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යය. මේ හරහා කලා ක්ශේෂ්ත්‍රයට පිවිසි ඇය සුරූපි රුක්ෂාණා දිසානායකයි. ඇය පුංචි තිරය වගේම සිනමාව හරහාත් ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න ආදරණීය රංගන ශිල්පිනියක්. ඇයව මේ දිනවල දැක ගන්න පුලුවන් ටෙලිනාට්‍යය විදියට ‘නීල පබලු’ ටෙලිනාට්‍යය සහ ‘ලංවී’ ටෙලිනාට්‍යය පෙන්වා දෙන්න පුලුවන්.

රංගනයට අමතරව ඩාන්සින් ඇකඩමියක් පවත්වාගෙන යන රුක්ෂානා සුන්දර තරුණියක් වුනත් වයසින් මුහුකුරා ගිය චරිත පවා රංගනය කිරීම ඇගේ සැබෑ දක්ෂතාවයයි. ඒ වගේම රුක්ෂානා රංගනය කල චිත්‍රපට අතර උලත් එකයි පිලත් එකයි, පාටක් නැති ආදරයක්, දෙවැනි යුද්ධය, යමරජ සිරි වැනි චිත්‍රපට ගණනාවක් ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මේ වන විට ටෙලිනාට්‍යය 50කට පමණ රංගන දායකත්වය ලබා දුන් රුක්ෂාණාගේ පියා මුස්ලිම් ජාතිකයෙක්. මව බුද්ධාගමේ. ඇය නොගැලපෙන ඇදුම් අදිනවට ඇගේ පියා කැමති නැති නිසා රුක්ෂාණා ඇගේ හිත නොරිද්දා ඇගේ ගමන යන්න සූදානම් වෙනවා කියලයි රුක්ෂානා කියන්නේ. ඉතින් රුක්ෂානාගේ ආදරය ගැන ගොඩක් දෙනෙක් දන්නවා. ඒ ගැන ඇය පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම ආදරේ කරපු කෙනා මට වඩා වයසින් බාල නිසා ගෙවල් වලින් කැමති නෑ. ඒ නිසා ඒක නැවැත්තුවා. මම ආදරෙන් පැරදිලා ඉන්නේ. මම හිතන්නේ මේ ක්ශේෂ්ත්‍රයේ නොවන කෙනෙක්ව තමයි කසාද බදින්න සුදුසු වෙන්නේ. මොකද දෙන්නම එක ක්ශේෂ්ත්‍රයේ ඉන්නකොට මට ලැබෙන පිලිගැනීමම එයාටත් තියෙන්නේ. ඒ නිසා ඒ කෙනාට මම ගැන අගයක් නැති වෙනවා එතකොට. හැම දේටම වඩා වටින්නේ පවුල් ජීවිතය. මම කැමති මම එක්ක දිගු කාලයම එකට ඉන්න කෙනෙක්. මාව හොදින් තේරුම් ගන්න කෙනෙක් වුනොත් මට ඒ හොදටම ඇති.”

මේ විදියටයි සුරූපි රුක්ෂානා ඇගේ අදහස් දක්වලා තිබුණේ. පසු ගිය දා රුක්ෂානා උදරයේ ඇති වූ අපහාසුතාවයක් නිසා රෝහල් ගත වෙලා හිටපු නිසා ඇයට ගොඩක් දෙනෙක් සුව ප්‍රාර්ථනා එක් කරලා තිබුණු හැම දෙනාටම ඇය ස්තූති කරන්නත් අමතක කලේ නෑ.