Lanka Fashion

No 01 Online Fashion Magazine

මම ආඩම්බර කෙනෙක් නෙමෙයි හැබැයි මම අහිංසකත් නෑ – ජනප්‍රිය රංගන ශිල්පිනී සප්නා

ස්වර්ණ කුමරිය අවසන් පහලොස් දෙනා අතරට තේරී පත්වෙලා කලාවට වරම් ලබපු කෙනෙක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී සප්නා පාදුක්ක කියන්නේ. ඇය මේ වන විට ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ මානවීගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඉතින් නාට්‍යය හරහා ඇයට ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලැබෙනවා. මේ වන විට මියුසික් වීඩියෝ රූප රචනා ගණනාවක්ම රංගනය කරපු සප්නාට දැන් ගොඩක් දෙනෙක් ආදරය කරනවා.

පාර දිගේ ටෙලිනාට්‍යයට අමතරව ඇය සියත නාලිකාවේ විකාශය වන ‘රේස්’ ටෙලිනාට්‍යයේ ත් රංගනය කරනවා. ක්ශේෂ්ත්‍රයට නවක රංගන ශිල්පිනියක් විදියට ඇයට පාර දිගේ ටෙලිනාට්‍යයේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා කියලයි සප්නා සදහන් කරන්නේ. ඉතින් ඇයට තවම සහකරුවෙක් නෑ ඇය බලාපොරොත්තු වෙන්නේ මේවගේ කෙනෙක් කියලයි පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මම නාට්‍යයේ මානවී වගේ නපුරු ආඩම්බර කෙනෙක් නෙමෙයි. හැබැයි අහිංසකත් නෑ. මගේ පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක්. මම තවම ආදරවන්තියක් නෙමෙයි. ක්ශේෂ්ත්‍රයේ අයගෙන්ම ආදර යෝජනා ආවා. එත් මම කැමති ක්ශේෂ්ත්‍රයට පිටින් කෙනෙක්ට ආදරේ කරන්න. මට කලාවෙන් ඈත්වෙන්න කියන කෙනෙක් නම් හමුවෙන්න එපා කියලයි මම බලාපොරොත්තු වෙන්නේ. කොහොම වෙයිද දන්නෙ නෑ.’’

කටකතා හැදෙන්නැති වෙන්න තම ගමන පාඩුවේ යන කෙනෙක් තමයි සප්නා කියන්නේ. ඒ වගේම රංගන ශිල්පිනියක් විදියට ඉදිරි වැඩ කටයුතු කරන්න තමයි ඇගේ බලාපොරොත්තුව. ඉතින් සප්නාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.