Lanka Fashion

No 01 Online Fashion Magazine

එක එක කාලවලට මිනිස්සු අපේ ජීවිතවලට එනවා නමුත් දෙමාපියන්ගෙන් එහාට මම ආදරයක් විශ්වාස කරන්නේ නෑ

පුංචි තිරය හා සිනමාවෙන් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය ලබා ගන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ. ඇය මේ දිනවල හිරු නාලිකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක රංගනයෙන් දායක වෙනවා. ඒ හිරු නාලිකාවේ ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ. මේ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න කැතරින් විදියට තමයි තරින්දි කාගේත් ආදරය දිනා ගන්නේ.

ඒවගේම ඇය රංගනයෙන් දායක වුන වෙනත් ටෙලිනාට්‍යය විදියට පිච්ච මල් සුවදයි, රෝස සංධවනිය වැනි ටෙලිනාට්‍යය වල එකිනෙකට වෙනස් වූ චරිත රංගනයන් තමයි තරින්දිගේ අපිට දැක ගන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම කවුරුත් කතා බහ කරපු සිනමා නිර්මාණයක් වන සිනමාවේ සුපර්ස්ටාර් රංගනය කල ‘ද ගේම්’ චිත්‍රපටයේ ඇය ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වීමත් එක්ක තරින්දිට ඒ ලැබුණා ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වෙන්නට හේතුවක් වුණා. ඉතින් ඇය ප්‍රධාන චරිතයක් කරපු ප්‍රථම සිනමා නිර්මාණය තමයි ද ගේම් කියන්නේ.

කවුරුත් ආදරේ කරන තරින්දි තමන්ට ලැබෙන ඕනම චරිතයකට සාධාරණයක් ඉටු කරන ඒ වෙනුවෙන් වෙහෙසිලා කැප වෙන කෙනෙක් තමයි ඇය. එකිනෙකට වෙනස් වූ චරිතම තෝරගන්න තරින්දි ආදරය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම හිතන්නේ අපිට සැබෑම ආදරය ලැබෙන්නේ දෙමාපියන්ගෙන් වගේම පවුලේ අයගෙන්. එක එක කාල වලට අපේ ජීවිත වලට මිනිස්සු එනවා යනවා. අපිට අහිමි වීම් වෙනවා. දෙමාපියන්ගේ ආදරයට එහා ආදරයක් මම විශ්වාස කරන්නෑ. ආදරේ ගැන මට පොඩි සැකයක් තියෙනවා. ඒක ගැන නිර්වචන දෙන්න මට අමාරුයි.

මගේ වෘත්තීය රංගන ශිල්පිනියක් නිසා චිත්‍රපට විතරක් කරන්නෑ. ටෙලිනාට්‍යයත් බාරගෙන දෙකම සමබරව කරන්න තමයි මම හදන්නේ. ඒ අතරම මම මගේ ව්‍යාපාරයක් පටන් ගන්න හදන්නේ. ව්‍යාපාරයට වැඩි ඉඩක් ලබා දෙන්න තමයි සූදානම. නමුත් රංගනය අත හරින්නෙත් නෑ.”