මම ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනාගෙන අවුරුදු 15 යි, මම නිහතමානී කියලා ප්‍රේක්ෂකයො කියනවා
රියැලිටි තරගාවලියක් හරහා ක්ශේෂ්ත්‍රයට ඇවිත් මේ වන විට ඉහළ ප්‍රේක්ෂක ජනතාවකගේ ආදරය ලබා ගන්නට සමත් වුණු ඔහු ජනප්‍රිය ගායක උදේශ් ඉන්දුල. ඔහු විටෙක ගායකයෙක්, තවත් විටෙක නර්තන ශිල්පියෙක් තවත් විටෙක බෙර වාදකයෙක් විදියට හදුන්වන්නට පුලුවන්.
‘ළං වෙලා හිම සීතේ’ ගීතය හරහා ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය ලබා ගත්ත ඔහු සාරෝ බෑන්ඩ් එක සමගින් මේ දිනවල කාර්යබහුලයි. ඒ වගේම උදේශ් ඉන්දුල නමින් ඔහුගේ යූ ටියුබ් නාලිකාවත් කරගෙන යනවා. ඉතින් මේ සදහා ඔහුට ලොකු සහයෝගයක් ලබා දෙන්නේ ඔහුගේ ආදරණීය බිරිද. පුතා සහ බිරිද සමගින් ඉතා සතුටින් ජීවත්වෙන උදේශ් ඉන්දුල එදා ඔහු සහභාගි වුණු රියැලිටි තරගාවලිය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” අපේ චූටි අක්කා තමයි ඩ්‍රීම් ස්ටාර් තරගයට ඇප්ලිකේෂන් දැම්මේ. නොහිතපු විදියට තරගයේ ඉදිරියට ගියා වගේම ප්‍රේක්ෂක ආදරයත් නොඅඩුව ලැබුණා. මම ඩ්‍රීම් ස්ටාර් කිරුල අරන් අවුරුදු15ක්. එදා හිටපු විනිශ්චය මණ්ඩලය ගොඩක් කලාකරුවන් මට ගොඩක් ආදරෙයි. මම ප්‍රශ්න දාගන්න අකමැති කෙනෙක්. නිහතමානී ගායකයෙක් කියලා ප්‍රේක්ෂකයන්ගෙන් අහන එක තමයි මම අහන හොදම ප්‍රේක්ෂක ප්‍රතිචාරය.
මගේ බිරිදත් කලාවට සම්බන්ධ කෙනෙක්. එයා නර්තන ශිල්පිනියක්. බිරිද හැමවෙලේම කියන්නේ අපේ දක්ෂතා වලින් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නෑ කියලා. ඉතින් ලගදිම අපි කාලය කලමනාකරණය කරගෙන අපි දෙන්නගෙ වැඩක් කරන්න ඉන්නේ. බලමුකො ඉස්සරහට මම මගේ යූ ටියුබ් නාලිකාව හරහා ඒ හැමදේම කියනවා.”

මේ විදියටයි ජනප්‍රිය ගායක උදේශ් ඉන්දුල අදහස් දක්වලා තිබුණේ.